Monday, 12 October 2009

පිස්සු බලු ප්‍රේමය

රාවය - oct 10, 2009

පිංතූරයට ක්ලික් කර බලන්න.

කාන්තාරයේ කුසුම

රාවය - oct 10, 2009

පිංතූරයට ක්ලික් කර බලන්න.

තිස්සනායගම්

රාවය - oct 10, 2009

පිංතූරයට ක්ලික් කර බලන්න.

වඳ බිමෙක අඳෝනා

රාවය -oct 10, 2009

පිංතූරයට ක්ලික් කර බලන්න.

මගේ කවිය

රාවය - oct 10, 2009

පිංතූරයට ක්ලික් කර බලන්න.

අයිරිෂ්

රාවය - oct 10, 2009
පිංතූරයට ක්ලික් කර බලන්න.

පොත් පිස්සාගේ බේබදු චිත්තය

රාවය - oct 10, 2009

පිංතූරයට ක්ලික් කර බලන්න.

Sunday, 11 October 2009

රාජනි තිරාණගමඃ

නව විප්ලවවාදිනියකගේ බිහිවීම

රාජනි තිරාණගම අනුස්‌මරණ උත්සවයේදී පවත්වන ලද කතාව

1989 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ රහසිගත නිවසකට පැමිණ යාපනයෙන් ගෙන ආ හදිසි පණිවිඩයක්‌ ලබා ගන්නා ලෙස දැන්වීමක්‌ මට ලැබිණ. මගේ මිතුරන් කීප දෙනෙක්‌ කලින් දින රාජනි සමග දිවා ආහාරය ගත් යාපනයේ සිට පැමිණි පණිවිඩකරු සමග මා එන තෙක්‌ බලා සිටියහ. ඇය තම පණිවිඩය කීමට කාලය හෝ වචන වැඩිපුර ගත කළේ නැත. "ඊයේ සවස විශ්වවිද්‍යාලයේ සිට ආපසු ගෙදර පැමිණෙමින් සිටි ඔබගේ බිරිඳ රාජනීට වෙඩි තියල මරා දාලා. ළමයි සීයගේ ගෙදර ඉන්නවා." ඒ කාන්තාව ඒ වන විටත් සිටියේ දැඩි භීතියකින් හා ශෝකයෙනි. ඒ ඇය කිසියම් දිනක තමා කිsසිසේත්ම නොදන්නා අමුත්තෙකුට එවැනි කෙටි කාලයකදී අඩුම වචන ගණනකින් ලබාදුන් ඉතාමත් අසීරු පණිවිඩය වන්නට ඇත. මගේ හිස අපමණ වේගයෙන් බමණය වීමෙන් කතා කර ගත නොහැකිව සිටි අයුරු මට තවමත් සිහිපත් කළ හැක.

රාජනී ගේ මරණයේ පණිවිඩය කොළඹ සිටි මා වෙත ගෙන ආ ඒ කාන්තාව පසුව ලන්ඩනයේ දී අපට කිසියම් හෝ උදව්වක්‌ අවශ්‍ය කළ සැම විටම අප අසලින්ම සිටි කල්‍යාණ මිතුරියක්‌ වූවාය.

රාජනී අවතැන්වීමේ හා තම ජීවිත නිරන්තරයෙන්ම අනතුරට පත්වීමේ බියත් සමග ජීවත් වූ සාමාන්‍ය ජනතාවගේ සියලු පාර්ශ්වයන්ගේ මානව ගරුත්වය හා යුක්‌තිය ලබාදීමේ උත්සාහයට නොතිත් වූ කැප වීමක්‌ හා අපමණ වූ ධෛර්යයක්‌ දැක්‌ වූවාය. එහි වැඩිම බරක්‌ දැරීමට සිදු වූයේ ගැහැනුන්ට හා ළමයින්ටය. 1987-89 අතර කාලයේදී දෙමළ ජනතාවට දෙමළ කොටි හා ශ්‍රී ලංකා රජයේ හමුදා අතර හට ගත් අතිශයින්ම විනාශකාරී යුද්ධයට මුහුණ දීමට සිදුවිය. එය දෙමළ කොටි හා ඉන්දියානු සාම සාධක හමුදාව අතර යුද්ධයක්‌ දක්‌වාම නොකඩවා පැවතිණ. සිංහල දකුණේ 13 වැනි සංශෝධනය යටතේ දෙමළ ජනතාවට බලය බෙදා හැරීමට සහාය දැක්‌වූ වාමාංශිකයන් ඝාතනය කිරීමෙන් ඡේවීපිය මුදාහළ භීෂණය උච්චතම තැනකට පැමිණ තිබිණ.

තම ප්‍රජාවගේ අත්දැකීම් හා වාර්ගික අනන්‍යතාවයේ යථාර්ථයෙන් සංවේදී වූ දෙමළ තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක්‌ වූ රාජනී ගේ ජීවිතය තමා නිවැරදි යෑයි විශ්වාස කළ මතය වෙනුවෙන් පරිත්‍යාග කළ නොසැලුණු මානව හිමිකම් ක්‍රියාකාරිණියක්‌ වූ නව විප්ලවවාදිනියකගේ ගමන් මග සලකුණු කිරීමේ උත්සාහයකි. ඇය කිසි විටෙකත් පසුබට වූයේ නැත. මෙය නව පන්නයේ විප්ලවවාදිනියකගේ කතාවකි. එය මීට වසර විසිපහකට පෙර මෙන් අදටත් ප්‍රයෝජනවත් ඇයගේ දේශපාලන දායකත්වය මතුකර ගැනීමේ උත්සාහයකි.

රාජනීගේ දේශපාලන ජීවිතය ඇරඹෙන්නේ 1970 ගණන්වල මැද භාගයේත් ඊට පෙරත් ශිෂ්‍යයන් අතර ප්‍රබලව පැවැති කාලීන දේශපාලන ප්‍රශ්න ගැන උනන්දුවක්‌ දැක්‌වූ ශිෂ්‍ය ක්‍රිස්‌තියානි ව්‍යාපාරය තුළිනි. මෙම දේශපාලන ප්‍රශ්න වඩාත් පුළුල් සමාජ දේශපාලන සන්දර්භයක්‌ තුළ විග්‍රහ කළ යුතුව තිබුණ නිසා අනෙකුත් දේශපාලන කණ්‌ඩායම් විවෘත කළ වඩාත් පුළුල් අවකාශය අමතක කළ නොහැකි විය. රාජනී සහ ඇගේ අනෙක්‌ සගයින් ශිෂ්‍ය ක්‍රිස්‌තියානි ව්‍යාපාරය සමග සම්බන්ධතා පවත්වා ගන්නා අතරම එවැනි අවස්‌ථාවන් භාවිත කිරීමට පැකිළුණේ නැත. 1970 වේ මැද භාගයේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ සාපේක්‍ෂකව පැවැති සාමකාමී තත්ත්වයද අවසන් වන බව පෙනිණ. පේරාදෙණියේදී අහිංසක ශිෂ්‍යයෙක්‌ වූ වීරසූරිය පොලිස්‌ වෙඩි පහරින් මිය ගියේය. මුළු මහත් ශිෂ්‍ය ව්‍යාපාරය තුළම කැළඹීමක්‌ ඇති කළ මෙම සිද්ධිය නිසා විශ්වවිද්‍යාල වසා දැමීමට බලධාරීහු තීරණය කළහ.

වීරසූරියගේ මරණයෙන් පසු ප්‍රථම වරට කොළඹ පාසල් ශිෂ්‍යයෝද විරෝධතා ව්‍යාපාරයට එක්‌වූහ. ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයට මහජනතාවගේ සහායද නොමඳව ලැබිණ. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ද එහි ඉතිහාසයේ පළමු වරට වීරසූරිය ඝාතනයට විරෝධය පළ කරමින් පන්ති වර්ජනය කළහ. 1976 සැප්තැම්බර් මාසයේදී රාජනී මට මුණගැසුණේ ඒ අවස්‌ථාවේදීය. එම හමුව අපගේ ජීවිතවල නව පරිච්ඡේදයක්‌ විවෘත කළා පමණක්‌ නොව අප විසින් ගත් තීරණය අපගේ ජීවිත පමණක්‌ නොව අපගේ පවුල්ද සදහටම වෙනස්‌ ගමන් මගකට යොමුකර වීමට හේතු විය. ආදරයෙන් බැඳුණු අපි කොළඹ දෙමළ විරෝධී කල කෝලාහල වලින් වෙළී තිබියදී 1977 අගෝස්‌තු 28 වැනිදා විවාහ වූයෙමු. ඇය ඒ වන විටත් වෛද්‍ය ශිෂ්‍යාවක්‌ව සිටි අතර මා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍ෂේත්‍රයේ වෘත්තියකට ඇතුළුවූවා පමණි. අපගේ සමාජ සංස්‌කෘතික හා වාර්ගික වෙනස්‌කම් සැලකිල්ලට ගත් සමහරු අපගේ එකතුව හැඳින් වූයේ "විපක්‍ෂවල එකතුවක්‌" ලෙසිනි.

සාමාන්‍ය දේශපාලන සංවේදීතාවයකින් යුත් ගැහැනියකගේ සිට සුවිශේෂ වූ විප්ලවවාදිනියක්‌ දක්‌වා වූ රාජිනීගේ ගමන් මගේ පළමු පියවර වූයේ විවාහයයි. රාජනී තමා වටා වූ බාධක පවුරු බිඳ දමා වසර ගණනාවක්‌ සිර ගෙදරක ගත කළ සිංහල තරුණයෙකු සමග විවාහ වූවාය. දකුණේ සිංහල දුප්පත් ගොවි පවුලකින් පැවත ආ මගේ සමාජ තත්ත්වය ඇයගේ මධ්‍යම පාන්තික ප්‍රජාවට සිත් ගත් එකක්‌ නොවේ. එබඳු වූ මා පිළිගැනීමෙන් රාජනී දැක්‌ වූ ධෛර්ය හා මානව භක්‌තිය, එදා මෙන්ම අදටත් ජන කොටස්‌ දෙක අතර අන්තර් වාර්ගික සම්බන්ධතා තේරුම් ගැනීමේදී බරපතල පසුබෑම් වලින් යුත් අපගේ දේශපාලන මිතුරන්ට ද මහත් පුදුමයක්‌ විය. ඔවුන් මෙන්ම මා ද අයත් වූයේ 1956 සිංහල සමාජ සංචලතාවයෙන් බිහිවූ දූ දරු පරම්පරාවටය. අපගේ පවුල සම්බන්ධයෙන් ඔවුන්ට අප සම්බන්ධතාවයේ හා විවාහයේ කටුක සත්‍යය පිළිගැනීමට සිදුවිය. රාජනී මගේ දේශපාලන කටයුතු දිගටම පවත්වා ගැනීම පිළිගත්තාය. එමෙන්ම අප පවුල අපගේ දරුවන්ට ළමා කාලයේදී මවගේත් පියාගේත් සෙනෙහස සමසේ දිගටම ලැබෙන පවුලක්‌ නොවන එකක්‌ බව පිළිගැනීමටද සිදුවිය.

ඒ දිනවල අද මෙන්ම ලංකාවේ දේශපාලන කටයුත්තක නිරතව සිටීම මහත් අනතුරුදායාක දෙයකි. ඒවා කටුක වේදනාත්මක තීරණ විය. අපගේ පවුල මතවාදී හා දේශපාලන වශයෙන් සාමාන්‍යයෙන් පවුලක්‌ සම්බන්ධයෙන් පිළිගත් සම්මතයන්ට වෙනස්‌වූ අතර එම වෙනස්‌ වීමට රාජනීගෙන් ලැබුණු දායකත්වය තීරණාත්මකය. රාජනීගේ ගැඹුරු අවබෝධය, අකුටිල අනුමැතිය හා ධෛර්යය නොවන්නට අපට ජීවිතයේදී අත් දුටු දේශපාලන හා ජීවන අභියෝගයන්ට මුහුණ දීමට සමත් පවුල් ඒකකයක්‌ ගොඩනැඟීමට නොහැකි වන්නට තිබිණ, අපගේ දියණියන් දෙදෙනා නර්මදා (1978) හා ෂාරිකා (1980) ගේ උපත් සමග සමහර විට අපගේ දේශපාලන කැපවීම ගැන නැවත සිතීමට බල කෙරිණ. එය ඉතාමත් දුක්‌මුසු වේදනාත්මක හා බැරෑරුම් අවස්‌ථාවක්‌ විය. එය අප අපේක්‍ෂා නොකළ සුවිශාල වගකීමකි.

රාජනී, බලන්ගොඩ හපුතලේ මාර්ගයේ පිහිටි ප්‍රධාන වශයෙන් සිංහල එහෙත් වතුකරයේ දෙමළ ජනතාව සුළු වශයෙන් විසිර සිටි හල්දුම්මුල්ලේ වැඩ කළ කාලය ඇයගේ චින්තනයේ ගැඹුරු වෙනස්‌කම්වලට හේතුවයි. එහි සිටි දෙමළ ජාතිකයන් දුප්පතුන්ගෙත් දුප්පතුන්ය. දිනක්‌ රෝහලට ඇතුළු කර සිටි රෝගී ළමයෙකු බදුල්ල රෝහලට මාරුකර යෑවීමට සිදුව ඇති බව එම ළමයාගේ මවට කීමට රාජනීට සිදු විය. ළමයාගේ දිවි ගලවා ගැනීමට ඇති එකම මාර්ගය එයයි. එහෙත් ළමයා බදුල්ලේදී මියගිය හොත් ඔහුගේ සිරුර ගෙදර ගෙන ඒමට වත්කමක්‌ නැති නිසා රෝගියා බදුල්ලට නොයවන්නැයි මව රාජනීගෙන් යෑද්දාය. එහෙත් එය නොසලකා බදුල්ලට යෑවූ රෝගී ළමයා සුවපත්ව ආපසු ආවේය. දුප්පත්කමේ හා දුක්‌ වේදනාවේ මෙවන් අවස්‌ථා හා ගරුත්වයක්‌ ඇතිව ජීවත් වීමට ඇති ඉඩකඩ අවුරාලන තත්ත්වයන් රාජනීට දරා ගත නොහැකි විය. එය ඇයගේ විඥනයේ නොමැකෙන කැළලක්‌ ඇති කළේය. මෙවැනි වාතාවරණයක්‌ යටතේ වෛද්‍ය වෘත්තියේ යෙදීම සුදුසුම කාර්යය නොවන නිසා 1989 දී යාපනයට යැමට තීරණය කළෙමු. ඉගැන්වීම වෘත්තිය කර ගැනීමට ඉටා ගත් රාජනී යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බැඳුණාය.

රාජනී 1983 දී ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි තම සොහොයුරිය නිර්මලා රාජසිංහම් නිදහස්‌ කර ගැනීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කළාය. ඊට පෙර රාජනී තුවාල ලැබූ දෙමළ සටන්කාමීන්ට ප්‍රතිකාර කර තිබිණ. ඇය 1983 දී පොදු රාජ්‍ය මණ්‌ඩල ශිෂ්‍යත්වයක්‌ යටතේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයට ගියාය. ඇය තම සොහොයුරිය නිදහස්‌ කර ගැනීමට ගෙන ගිය ව්‍යාපාරය, දෙමළ කොටි සටන්කාමීන් සමග සම්බන්ධ වීමටත් ඉන්පසු එල්ටීටීඊයට බැඳීමටත් හේතු විය. මා 1984 මැද භාගයේදී ලන්ඩනයට ගොස්‌ හමුවූ විට ඇය තම තීරණය වෙනස්‌ කර ගැනීමට සූදානම් වූයේ නැත. ඇය නීත්‍යනුකූලව ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමැත්තක්‌ දැක්‌වූයේද නැත. මම ආපසු ලංකාවට පැමිණියෙමි. එය එක්‌තරා ආකාරයක සමුගැනීමක්‌ මෙන් වූයේ අප අතර වූ පරතරය ඉමහත් වූ හෙයිනි. අපි අපගේ ගමන් මග යැමට තීරණය කළෙමු. එහෙත් රාජනී එල්ටීටීඊයට පාලනය කළ නොහැකි තරම් අවංක, දේශපාලන වශයෙන් පෙරටුගාමී, දැඩිවම නිදහස්‌වාදී හා තම හෘද සාක්‍ෂියට කැපවූ ගැහැනියකි. මෙය දෙමළ ප්‍රජාව තුළ විසම්මුතියේ අයිතිය වෙනුවෙන් උපරිම පරිත්‍යාගය කළ, තම පුද්ගලික හා දේශපාලන ගමන් මගින් නියෝජනය වූ නව ආකාරයක විප්ලවවාදිනියක්‌ වන රාජනීගේ පුද්ගලික ගුණාංගයන් විය.

රාජනීට සාමාන්‍ය ජනතාව සමග මුසු වීමට හැකි කළ තවත් ගුණාංගන්ද තිබිණ. මා ලංකාවට පැමිණ මාස කීපයකට පසු රාජනී කොටි සංවිධානයෙන් ඉවත් වූවාය. ඇය දියණියන් දෙදෙනාද සමග සිය පවුලේ හා මිතුරන්ගේ අවවාදයද නොතකා 1986 දී ලංකාවට පැමිණියාය. 1987 අප්‍රේල් මාසයේදී ඇය යාපනයේ සිට මට මෙසේ ලීවාය. මම බොහෝ දුකින් පසුවෙමි. මෙහි ජීවත් වීම බෙහෙවින් අපහසුය. වඩාත් දුක්‌ත වන්නේ අප ගමන් කරන අඳුරු නිම්නයයි. සැමතැනකම ඇත්තේ අමානුෂිකත්වයයි. අම්මා බිය පත්ව සිටී. මා නඟන හඬ නිසා හෝ කරන කුමක්‌ නිසා හෝ දරුවන්ට කරදරයක්‌ වනු ඇතැයි ඇය බියෙන් පසු වන්නීය. මෙවැනි අඳුරු දුක්‌බර දේශපාලන පසුබිමක සිට ඇය තුවක්‌කුවේ පාලනයට එරෙහිව විසම්මුතියේ අයිතිය හා මානව ගරුත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රීය නිදහස තහවුරු කෙරෙන ව්‍යqහයන් සංවිධානය කිරීමේ නිදහසත් ඇතුළත් වන ඇගේ නව දේශපාලන දැක්‌ම බිහි විය. ඇයගේ දැක්‌මේ ප්‍රධාන අංගයක්‌ වූයේ ස්‌ත්‍රීන් ගේ ස්‌වාධීන හඬ ශක්‌තිමත් කිරීමේ ව්‍යQහයන් ගොඩනැඟීම හා ඔවුන් බලාත්මක කිරීමේ ස්‌ත්‍රීවාදයයි. අසරණ ස්‌ත්‍රීන් සඳහා පූරණි මධ්‍යස්‌ථානය ගොඩනැඟීමට ඇය මැදිහත් වූවාය. මෙම ව්‍යQහයන් හා දේශපාලන අදහස්‌ දෙමළ කොටි සංවිධානයේ මිලිටරි ව්‍යාපෘතියට දේශපාලන හා මතවාදී වශයෙන් විරුද්ධ විය. විසම්මුතිවාදී අදහස්‌ සමග මුහුකුරා ගිය දැනුමෙන් යුත් සංවාදයක්‌ කිරීමට තරම් ඔවුන්ගේ දේශපාලන අදහස්‌වලට හෝ ව්‍යQහයන්ට හැකියාවක්‌ තිබුණේ නැත. රාජනීගේ සම කර්තෘත්වයෙන් යුත් බිඳුනු තල් රුකෙන් මෙම අදහස්‌ ජනතාව අතට පත් කෙරිණ. මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු (යාපනය) ගොඩනැඟීමේදී ඇය අනෙකුත් ආචාර්යවරු සමග ඉටු කළ පුරෝගාමී මෙහෙවර දෙමළ ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳව කඩ ඉමක්‌ සනිටුහන් කරයි. යූටීඑච්ආර් අද පවා සිය වෙබ් අඩවියේ රාජනී වඩාත් ගැලපෙන ආකාරයට හඳුන්වන්නේ එම සංවිධානයේ ප්‍රාණ වායුව මෙනි. රාජනීගෙන් ඇති විය හැකි දේශපාලන අනතුර දෙමළ කොටි තේරුම් ගත්හ. කොටි එවැනි සංවිධානයක ප්‍රාණ වායුව තුරන් කිරීමට මැලි වූයේ නැත. දේශපාලන ප්‍රශ්න විස¹ ගැනීම සඳහා ප්‍රචණ්‌ඩ ක්‍රියා මාර්ගය තෝරා ගත් ඇය මානව ගරුත්වය හා විසම්මුතියට ඇති අයිතිය කෙළෙසන විට ජයග්‍රහණයට ඇති මාවත කෙතරම් දීර්ඝ දුෂ්කර හා වේදනාකාරී වන්නේද යන්න රාජනීගේ ජීවිතයෙන් හා මරණයෙන් පෙන්නුම් කරයි.

වත්මන් දේශපාලන වාතාවරණයට රාජනීගේ අදහස්‌වල අදාළත්වය ගැන මෙනෙහි කිරීම වැදගත්ය. රාජනීගේ වචනම යොදා ගන්නේ නම් අපි තවමත් අඳුරු නිම්නයක ගමන් කරමු. සෑම තැනකම ඇත්තේ අමානුෂිකත්වයයි. අද ඇති මූලික ප්‍රශ්න වන්නේ කතා කිරීමට ඇති බියත් විසම්මුතියට ඇති අයිතියත්ය. වාර්ගික යුද්ධයේ අඳුරු සෙවණැලි තවම සම්පූර්ණයෙන් පහව ගොස්‌ නැත. දෙමළ ප්‍රජාවට උපරිම බලය බෙදා හැරීමකින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරන තාක්‌ හැමදාම මෙන් සාමය සිහිනයක්‌ වනු ඇත.

විසම්මුතියේ මූලික දේශපාලනය අයිතිය වෙනුවෙන් නව විප්ලවවාදිනියක්‌ මෙන් තම ජීවිතය පූජා කළ දේශපාලන බාධක තවම ඉවත්ව නැති නිසා රාජනී වැනි අය සිංහල හා දෙමළ යන ප්‍රජාවන් දෙකෙන්ම තව තවත් බිහිවනු ඇත. රාජනීගේ ගමන් මග යන්නන් අපගේ ලෝකය වඩාත් යහපත් තැනක්‌ කරනු ඇත.

ගතවූ වසර විස්‌සක කාලය තුළ රාජනී මිය යැමට මොහොතකට පෙර ඇය විඳි අපමණ වූ වේදනාවත් දුකත් සිතා ගත නොහැකි වීම හා ඒ මොහොතේ ඇය අසල සිටීමට නොහැකි වීම ගැන මම දුක්‌ වූයෙමි. ඇයට දැනුණේ කුමක්‌දැයි මට සිතා ගත හැක. වරක්‌ ඇය මට මෙසේ ලීවාය. "පොතක පිටු මෙන් මේ ලෝකයේ කිසිවෙක්‌ මා ගැන දන්නේ නම් ඒ ඔබය. ඇයට ඇති මගේ ගැඹුරු ආදරය ගැනත් අපගේ සම්බන්ධතාවයෙන් මට ඉගැන්වූ මානව ආදරයේ ඇති සුන්දරත්වයේ සැබෑ තේරුම ගැනත් මම ඇයට ණය ගැති වෙමි.

රාජනී සහ මම බොබ් මාලිගේ සංගීතයට ඇලුම් කළෙමු. ඇය වඩාත් ප්‍රිය කළ ගීතයකින් මගේ කතාව අවසන් කිරීමට කැමැත්තෙමි. "අවදි වන්න, නැගී සිටින්න, ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න."

දයාපාල තිරාණගම

http://www.divaina.com/2009/10/11/feature23.html

පනස්‌ වසරකට පසු යළි උපන් ප්‍රේමයක්‌


ලොව පවතින කතාන්දරවලින් වඩාත්ම සිත් ගන්නේ ප්‍රේමය තේමා කොටගත් කතාන්දරයි. රෝමියෝ - ජුලියට්‌ සාලිය අශෝක මාලා, ජූලියස්‌ සීසර්, ක්‌ලියෝපැට්‌රා, ඩයනා-අල්පොයිඩ් වැනි ලෝක පූජිත වූ පෙම්වතුන්ගේ කතා දිගින් දිගටම නොනැසී පවතින්නේ. ඒවා ප්‍රේමයේ චමත්කාරයෙන් ද විරහවේ ශෝකයෙන්ද නිර්මිත වූ ඒවා නිසයි.

මේ කතාව ප්‍රේමය වෙනුවෙන් බලා හිඳීම පිළිබඳ කතාවක්‌. පිවිතුරු නොකැලැල් හදක්‌ ඇති ගැහැණියක්‌ ප්‍රේමය පිළිබඳ අවසන් තත්පරය තෙක්‌ බලා හිඳීම පිළිබඳ පිරිසිදු කතාවක්‌.

ඇගේ නම එල්වීරා. ඔහුගේ නම මැකී. එල්වීරා ජීවත් වුණේ ජර්මනියේ. මැකී සිටියේ පෝලන්තයේ. ජර්මනියත් පෝලන්තයත් ආසන්න රටවල් දෙකක්‌.

දෙවන ලෝක යුද්ධය යුරෝපයේ මිනිස්‌ ජීවිත නොසිතූ නොපැතූ වෙනස්‌කම්වලට භාජනයකළ භයානක යුද්ධයක්‌. හිට්‌ලර් ප්‍රමුඛ ජර්මනියේ නාසි හමුදාව නාසින් නොවන සියලු ජනයා ඝාතනය කරමින් ලොව සෙසු රටවල් අල්වාගෙන ශුද්ධ වූ අධිරාජ්‍යයක්‌ ගොඩ නැඟීමේ විශාල යුද්ධයක්‌ දියත් කර තිබුණා.

හිට්‌ලර්ගේ මේ සාහසික භයානක යුද්ධය අවසන් කරනු ලැබුයේ සෝවියට්‌ රුසියාව විසිනුයි. රුසියාව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක්‌ එල්ල කරමින් ජර්මනිය යටත් කරගනු ලැබුවා.

එල්වීරා කියන්නේ මේ වන විට 20 හැවිරිදි යුවතියක්‌. ජර්මනිය යටත්කර ගත් රුසියානුවෝ එල්වීරාත් රුසියාවේ සයිබීරියාවේ වහල් කඳවුරකට ගෙන යනු ලැබුවා. පුරා අවුරුද්දක්‌ ඇය සයිබීරියා වහල් කඳවුරේ කම්කරු ස්‌ත්‍රියක්‌ ලෙස වැඩ කළා. කම්හල් හිමියෙකුගේ දියණියක්‌ ලෙස සැපවත් ජීවිතයක්‌ ගත කළ එල්වීරා සයිබීරියානු කඳවුරේ කෙතරම් දුක්‌ වින්දාද යත් ඇය එතැනින් නිදහස්‌ව එන විට දත් හාරන ඉරටු කෑල්ලක්‌ තරමට කෘශවී සිටියා.

ඇගේ මුළු පවුලම අනාථවී සිටියා. ඔවුන්ට යන්න සිද්ධ වුණේ පෝලන්තයටයි. කෑමට බීමට කිසිත් නැති අන්ත දිළින්දන්ගේ තත්ත්වයට පත්වී සිටි, එල්වීරා පවුල පෝලන්තයේ නගරයක ගෙයින් ගෙට යමින් කෑමට යමක්‌ ඉල්ලා සිටින තත්ත්වයට ඇද වැටී සිටියා.

දිනක්‌ නගරයේ එක්‌ නිවසක දොරට එල්වීරා තට්‌ටු කළ විට ඒ ගෙයි දොර ඇරුණා. මේ දුබල කෙට්‌ටු යුවතිය දුටු එම නිවැසියන් තුළ ලොකු අනුකම්පාවක්‌ ඇති වුණා. ඇයට කෑම බීම දුන් නිවැසියෝ, තොරතුරු විමසා එම නිවසේ නතර වන්නට ඇයට අවසර දුන්නා. එල්වීරා යහපත් යුවතියක ලෙස එම නිවසේ ගොවිපලේ වැඩ කරමින් දෙනුන්ගෙන් කිරි දොවමින් එම නිවසේ බොහෝ කටයුතුවලට උදව් කරමින් කාලය ගත කළා.

මැකී කියන්නේ මේ නිවැසියන්ගේ තරුණ පුත්‍රයා. ඔහුගේ වයස අවු. 25 යි. තම නිවසේ කටයුතුවලට සහාය වන මේ තරුණ යුවතිය ගැන පැහැදුණු ඔහු ඇය සමග පෙමින් බැඳුණා. ඔහුගේ මවුපියන් එයට විරුද්ධ වුණේ නැහැ.

අන්තිමේදී ඔවුන් විවාහ වන්නට තීරණය කළා. ඒ සඳහා නගරයේ පාලන අධිකාරියෙන් අවසර ගත යුතු වුණා.

එතැනදී ප්‍රශ්නයක්‌ මතුවුණා. එල්වීරාගේ පියා ජර්මන් ජාතිකයෙක්‌ නොවීම නිසා විවාහයට අවසර දිය නොහැකි යෑයි පාලන අධිකාරිය කියා සිටියා. ඒ විතරක්‌ නෙමෙයි එල්වීරා සහ ඇගේ පවුලේ අයට එම නගරයෙන් පිටවී යන ලෙසට ද පෝලන්ත නගර අධිකාරිය නියෝග කරනු ලැබුවා.

සියල්ල කණපිට පෙරළී ගියා. විවාහය පිළිබඳ බලාපොරොත්තුව අත්හැර දමන්නට මැකීටත් එල්වීරාටත් සිදුවුණා.

අන්තිමේදී එල්වීරා සහ ඇගේ පවුලේ උදවිය මැකීගෙන් සහ පෝලන්තයෙන් සමුගත්තේ දැඩි සිත් වේදනාවෙන්.

සිහිවටනයක්‌ ලෙස එල්වීරාගේ ඡායාරූපයක්‌ මැකීට දුන්නා. මැකී තමන්ගේ ඡායාරූපයක්‌ එල්වීරාට දුන්නා. ප්‍රේමයේ සිහිවටන වූයේ එපමණයි. මේ සමුගැනීම සිදුවුණේ 1960 වසරේදීයි.

එල්වීරා ඇතුළු පවුලේ අය ආපසු ජර්මනියට ගියා. ස්‌වඋත්සාහයෙන් යළි ඔවුන් ගොඩ නැගෙන්න පටන් ගත්තා.

ඔවුන්ගේ කම්හල යළි ගොඩනඟා ගත්තා. ඒ අතර ඇය බර්ලිනයේ ආබාධිත දරුවන්ට පිහිටවීමේ ආයතනයක වැඩ කළා.

මේ අතරේ නැගෙනහිර ජර්මනියත් බටහිර ජර්මනියත් වෙන් කරමින් සුප්‍රසිද්ධ බර්ලින් තාප්පයද ඉදිවුණා. මේ නිසා මැකීටත් එල්වීරාටත් කොහෙත්ම නැවත මුණ ගැසීමේ බලාපොරොත්තුවක්‌ තබා ගන්න නොහැකි වුණා.

නමුත් එල්වීරා මැකී පිළිබඳ ආදරය කොහෙත්ම අත්හැරියේ නෑ. ඒ ආදරය කෙතරම් ප්‍රබල වීදයත් ඇය විවාහ වූයේ නැහැ. සිය පසුම්බියේ ලා සුරැතිව තබාගත් මැකීගේ තරුණ මුහුණ සහිත කළු සුදු ඡායාරූපය දෙස බලමින් වරින් වර ඇය ශෝක වුණා.

නමුත් මැකී නම් විවාහ වුණා. විවාහ වීමෙන් පසු ඔහු එතෙක්‌ ළඟ තබාගෙන සිටි එල්වීරාගේ ඡායාරූපය තමන්ගේ තාත්තාට භාර කළා. ප්‍රවේශම්කර තබා ගන්නැයි ඉල්ලා සිටිමින්.

කාලය ගෙවී ගියා.

1989 නොවැ( 10 දා බර්ලින් තාප්පය කඩා අහෝසි කිරීමට ගත් තීන්දුව අන්තර් ජාතිකව සුවිශේෂී ප්‍රවෘත්තියක්‌ ලෙස ලොව පැතිර ගියා. එල්වීරා ඒ ප්‍රවෘත්තියට සවන් දුන්නේ සිය මෝටෝ රථයේ තිබූ රේඩියෝවෙන්.

ඇගේ සිත මහත් උද්දාමයෙන් ඇලලී ගියා. බර්ලින් තාප්පය විවෘත වීමත් සමග පෝලන්තයට ගොස්‌ සිය අතීත පෙම්වතා යළි දැකගත හැකි වේ යෑයි ඇයට හැඟුණා.

ඔහු ගැන සොයා බලද්දී ඇයට ලැබුණු ආරංචිය ශෝක ජනකයි. මැකී මියගොස්‌ ඇතැයි යන්න ඒ ආරංචියයි. නමුත් එය වැරදි එකක්‌. මැකීගේ ඥතියෙක්‌ ඇයට හමුවුණා. මැකී ජීවත්ව සිටින බව කී ඔහු මැකීගේ අලුත් නිවසේ ලිපිනයත් ඇයට ලබා දුන්නා.

එල්වීරා මැකීට ලියුමක්‌ යෑව්වා. මැකී වහාම පිළිතුරක්‌ එව්වා. වසර පනහකට පෙර වැළලී ගිය ප්‍රේමය යළිත් පිබිදෙන්නට පටන් ගත්තා.

මේ කාලය තුළ මැකීගේ විවාහය දෙදරා ගොස්‌ තිබුණා. ඔහුගේ බිරිඳ ඇමරිකාවේ පදිංචියට ගොස්‌ සිටි අතර විවාහය දික්‌කසාද වී තිබුණා.

අන්තිමේදී මැකීත් එල්වීරාත් පෝලන්තයේ දුම්රිය පළකදී යළි මුන ගැහෙන්නට නියම කර ගත්තා.

පනස්‌ වසරකට පසු... ඔව් අවුරුදු පනහකට පසු දෙදෙනා පෝලන්ත දුම්රිය පළේදී නැවත මුණ ගැසුණා.

මේ වන විට මැකීට අවුරුදු 75 ක්‌ එල්වීරාට 70 ක්‌.

නමුත් කෙතරම් වියපත් වුවද ප්‍රේමය වියපත් වී තිබුණේ නැහැ. සිය පෙම්වතා හැර අන් කිසිවෙකු සමග විවාහ නොවීමට තින්දු කළ එල්වීරාට ජීවිතයේ අන්තිම භාගයේදී නැවත ඔහු මුණ ගැසුණා.

එතෙක්‌ ඇගේ බලා හිඳීම කෙතරම් ශේ්‍රෂ්ඨද?

එපමණක්‌ නොව මේ ප්‍රේම කතාව කෙතරම් ලස්‌සන කතාවක්‌ දැයි යන්නත් සිතා බලන්න.

මේ සමග පළවන ඡායාරූපය ඔවුන් දෙදෙනා දැන් පදිංචිව සිටින මැකීගේ නිවස ඉදිරිපිටදී 2009 ජුලි 21 දා ගත් පින්තූරයක්‌.

ඒ මුහුණුවල තිබෙන ප්‍රහර්ෂය කෙතරම්දැයි පිරික්‌සා බලන්න.

අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපියක්‌ ඇසුරිනි.


චන්ද්‍රසිරි දොඩන්ගොඩ

http://www.divaina.com/2009/10/11/feature20.html

ලෙනින් වූයේ ලෙවින්ද?


ඇතැම් බටහිර විචාරකයන් තෝල්ස්‌තෝයිගේ ශේ්‍රෂ්ඨතම නවකතාව වශයෙන් සලකන්නේ යුද්ධය හා සාමය නොව ඇනා කැරණිනාය. තෝල්ස්‌තෝයි විසින් ඇනා කැරණිනා නවකතාව රචනා කළේ යුද්ධය හා සාමය රචනා කිරීමෙන් පසුවය. ටෝල්ස්‌ටෝයි විසින් යුද්ධය හා සාමය රචනා කිරීම ආරම්භ කළේ 1863 දීය. එනම් එවිට ටෝල්ස්‌ටෝයිට වයස අවුරුදු තිස්‌පහකි. යුද්ධය හා සාමය රචනා කර අවසාන වන විට ටෝල්ස්‌ටෝයිට වයස අවුරුදු 41 කි. එනම් එය අවසන් කරනු ලැබුවේ 1869 වර්ෂයේදීය. යුද්ධය හා සාමය නව කතාව රචනා කිරීම සඳහා ටෝල්ස්‌ටෝයි යොදා ගන්නේ හමුදා නිලධාරියෙකු ලෙස ස්‌වකීය අත්දැකීම්ය.

ටෝල්ස්‌ටෝයි ඇනා කැරණිනා ලියන්නට පටන් ගත්තේ 1873 වර්ෂයේදීය. එවිට ටෝල්ස්‌ටෝයිට වයස අවුරුදු හතළිස්‌ පහකි. එය ලියා අවසන් කරන ලද්දේ 1877 වර්ෂයේදීය. කෙසේ වුවත් ඇනා කැරණිනා නව කතාව සැබැවින්ම නම් කරන්නට තිබුණේ ඇනා කැරණිනා කියා නොවේ ලෙවින් කියාය. මක්‌ නිසාද යත් එම නව කතාවේ ප්‍රධාන චරිතය ඇනා නොව ලෙවින් බැවිනි. ටෝල්ස්‌ටෝයි යුද්ධය හා සාමය නව කතාවට වස්‌තු විෂය කර ගත්තේ හමුදා නිලධාරියෙකු ලෙස තමන් සතු අත්දැකීම් නම් ඇනා කැරණිනා නවකතාව සඳහා වස්‌තු විෂය කරගත්තේ ගොවියෙකු ලෙස ස්‌වකීය අත්දැකීම් යෑයි කිව හැකිය.

රුසියාවේ කෘෂිකර්මයත් ගොවි ජනතාවත් නඟා සිටුවීම සඳහා ටෝල්ස්‌ටෝයි ඉතා විශාල උත්සාහයක්‌ ගත්තේය. පෑනෙන් පමණක්‌ නොව උදැල්ලෙන්ද ජීවිතයේ අර්ථය සෙවීමට ටෝල්ස්‌ටෝයි උත්සාහ කළේය. රදළයෙකු වුවත් ටොල්ස්‌ටෝයි ස්‌වකීය ප්‍රවේණිදාසයන් සමග කෙතේ දහදිය හෙළමින් වැඩ කළේය. ඇනා කැරණිනා නව කතාවේ ලෙවින් නම් චරිතය මගින් දැක්‌වෙන්නේ ටෝල්ස්‌ටෝයි මෙසේ ලද අත්දැකීම්ය.

ඇනා කැරණිනා නම් චරිතය මගින් නිරූපණය වන්නේ රුසියානු ඉහළ සමාජයේ හිස්‌ ජීවිතය තුළ අතරමං වීම නිසා ජීවිතය ෙ€දවාචකයක්‌ කර ගන්නා චරිතයක්‌ නම් ලෙවින් මගින් නිරූපණය වන්නේ ඒ හිස්‌ ඇගැයුම් වෙතින් මිදී දුක්‌ විඳින ගොවි ජනතාවගේ ඒ දුක බිඳකින් හෝ අඩු කිරීම ස්‌වකීය ජීවිතය පරමාර්ථය කරගත් උදාර චරිතයකි.

ලෙනින් විසින් තෝල්ස්‌තෝයි රුසියානු විප්ලවයේ කැඩපත වශයෙන් හඳුන්වනු ලැබිණි. ලෙනින් උපතින් ලද නම වූයේ ව්ලැඩිමීර් ඉල්යච් උල්යානොවිය. ලෙනින් යනු පසුව ආරූඪ කරගත් නමකි. ව්ලැඩිමීර් ඉල්යීච් උල්යානොව් විසින් ලෙනින් යන නම හදා ගත්තේ ඇණා කැරණිනා පොතේ එන ලෙවින් යන නම ඇසුරින්ද? ලෙනින් විසින් තෝල්ස්‌තෝයිව රුසියානු විප්ලවයේ කැඩපත ලෙස හැඳින්වීමට එක්‌ හේතුවක්‌ එයද? එනම් ස්‌වකීය නම ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ද කෘතවේදීත්වයක්‌ තෝල්ස්‌තෝයි සම්බන්ධයෙන් ලෙනින්ගේ හද තුළ පැවතියේද?

මට රුසියානු භාෂාව ගැන දැනීමක්‌ නැත. අප රුසියන් පොත් කියවන්නේද සිංහල පරිවර්තන වලිනි. නැතිනම් ඉංගී්‍රසි පරිවර්තන වලිනි. එහෙත් රුසියානු කතාවල එන නම් බැලූ විට ලෙවින් මෙන්ම ලෙනින් යන නම් දෙකම සාමාන්‍යයෙන් හමුවන රුසියන් නම්වලට වෙනස්‌ය. ඒ අනුව ලෙනින් යන නම සැබවින්ම ලෙනින් විසින් නිර්මාණය කර ගත්තේ ඇණා කැරණිනා නවකතාවේ එන ලෙවින් නම ඇසුරින්ද? එය එසේ නම් රුසියානු විප්ලවයට කැඩපත පමණක්‌ නොව රුසියානු විප්ලවයේ නායකයා වූ ලෙනින්ට නම සපයන ලද්දේ ද ටෝල්ස්‌ටෝයි විසිනි.

එක්‌කෝ අයෙකුට ලැබෙන්නේ ධනය පමණි. නොඑසේනම් බලය පමණි. ධනය ඇති බොහෝ අයට කීර්තිය නැත. ලොකු මුදලාලි ඡන්දය ඉල්ලන්නේ ඒ නිසාය. සමහර අයට ධනය බලය සියල්ල තිබුණත් පෙළපතක්‌ නැත. ධනය, බලය, පෙළපත සියල්ල ඇති සමහර අයට කඩවසම් රූපයක්‌ නැත. සමහරවිට කඩවසම් ලස්‌සන රූපයක්‌ තිබුණත් ගහ බැන ගැනීමට තරම් ශක්‌තිමත් සිරුරක්‌ නැත. එහෙත් ටෝල්ස්‌ටෝයිට මේ කිසිවකින් අඩුවක්‌ වූයේ නැත. ඔහු ධනයට, බලයට, පෙළපතට, කීර්තියට පමණක්‌ නොව ශක්‌තිමත් හා කඩවසම් සිරුරකටද උරුමකම් කීවේය. ඔහුගේ ජීවිතයේ වාසනාව මෙන්ම අවාසනාවද වූයේ එයය.

ටෝල්ස්‌ටෝයි ඉපදුනේ රුසියාවේ සාර් රජ පවුලට ද නෑකම් කිව් ඉහළම රදළ පවුලක. විශාල වතුයායකට හා ප්‍රවේණි දාසයන්ට හිමිකම් කියමිනි. සැප සම්පත් මැද හැදුනේය. පසුව හමුදා නිලධාරියෙක්‌ බවට පත්විය. එහෙත් බොහෝ හමුදා නිලධාරීන්ට නොලැබෙන අන්දමේ කීර්තියක්‌ ඔහුට ඒ වන විට නිර්මාණකරුවෙකු වශයෙන්ද ලැබී තිබිණි. හමුදා සේවයෙන් ඉවත් වූ පසුව ස්‌වකීය වතු පිටි ඉඩකඩම්වලින් ලද ආදායමට ද වඩා විශාල ආදායමක්‌ ඔහුට ඔහු ලිවූ පොත්වලින් ලැබෙන්නට විය. විශේෂයෙන්ම රුසියාව තුළටත් වඩා ඔහුගේ කෘතිවල පරිවර්තන විදේශයන්හි අලෙවි වීම නිසා ඔහු වෙත විශාල වශයෙන් විදේශ මුදල් ද ගලා එන්නට වූවේය. ඒ ලේඛකයෙකු ලෙස ලබන්නට වූ ඉමහත් කීර්තියට අමතරවය. ඒ අනුව ධනය, බලය, නිලය, කීර්තිය, රූපය, සවි ශක්‌තිය මේ කිසිවකින්වත් ලියෝ ටෝල්ස්‌ටෝයිට කිසිම අqඩුවක්‌ වූයේ නැත. එහෙත් එය ඔහුගේ ජීවිතයේ වාසනාව මෙන්ම අවාසනාව විය.

ඒ කෙසේ ද? ජීවිතය ගැන දුක්‌ නොවීමට තරම් දේවල් ඔහුට ජීවිතය විසින් ලබා දුන්නේය. ජීවිතයට ආසා කිරීමට, ඇලුම් කිරීමට තරම් බොහෝ දේ ඔහුට ජීවිතය විසින් ලබාදෙන ලදී. එහෙත් ටෝල්ස්‌තෝයි ප්‍රඥවන්තයෙක්‌ විය. ඒ සියල්ල නිශ්චිත නොවන බවද ඒ සියල්ල දමා තමන්ට කිසි දිනක යන්නට සිදුවන බවද ඔහුගේ සිත ඔහුට කීවේය. අත්හැර දමා යැමට බැරි තරම් ධනයක්‌, කීර්තියක්‌ ජීවිතය විසින් ටෝල්ස්‌ටෝයිට ලබා දුන්නේය. එහෙත් ඒ සියල්ලම දමා තමන්ට යන්නට සිදුවන බව ටෝල්ස්‌ටෝයි දැන සිටියේය.

කෙසේ වුවත් සිද්ධාර්ථ කුමාරයාණන්ට මෙන් සත්‍යය පසක්‌ කර ගැනීමට තරම් සසරේ ටෝල්ස්‌ටෝයි පෙරුම් පුරා නොතිබෙන්නට ඇත. ඒ නිසා ස්‌වකීය ජීවිත කාලය තුළ සත්‍යය සහමුලින්ම සාක්‌ෂාත් කර ගන්නට, විමුක්‌තිය ලබාගන්නට ටෝල්ස්‌ටෝයිට නොහැකි වන්නට ඇත. එහෙත් සිදුහත් කුමරුන්ගේ ශේ්‍රෂ්ඨත්වය බුදුදහමෙහි උත්තරීතරත්වය වටහා ගැනීමට උපකාරී වන දැනුමක්‌ තෝල්ස්‌තෝයිගේ නවකතා කෙටිකතා ලියුම් කියුම් හා වෙනත් නිර්මාණ තුළින් ලබාගත හැකිය. සිදුහත් කුමරුන් කල කිරුණේ කුමක්‌ ගැනද ඔහු සෙවූ සත්‍යය කුමක්‌ද යන්න ගැන විසිවන සියවසේ ශිෂ්ටාචාරය තුළ වාසය කරන්නෙකුට අවබෝධ කර ගැනීමට උපකාරී වන දැනුමක්‌ ටෝල්ස්‌ටෝයි කියවීමෙන් ලැබිය හැකිය. මා ටෝල්ස්‌ටෝයි තුළ දකින ශේ්‍රෂ්ඨත්වය එයයි.

එනම් තමන් ලද ධනයෙන්, බලයෙන්, කීර්තියෙන්, සම්මානවලින් ටෝල්ස්‌ටෝයි සෑහීමකට පත්වූයේ නැත. එයට වඩා සැනසීමක්‌ ජීවිතය තුළ තිබෙන බව හා තිබිය යුතු බව සිතමින් ටෝල්ස්‌ටෝයි එය සෙවීමට උත්සුක වූවේය. ලෝකය විවිධ හේතූන් නිසා ටෝල්ස්‌ටෝයිට ගරු කරති. එහෙත් බෞද්ධයෙකු වශයෙන් මට ටෝල්ස්‌ටෝයි ශේ්‍රෂ්ඨ වන්නේ එතුමන්ගේ ජීවිතය බුදුදහමෙහි දැක්‌වෙන සත්‍යය සොයා යැමට කැපවූ ජීවිතයක්‌ මෙන් මට පෙනී යන නිසාය.

මේ අනුව මා ටෝල්ස්‌ටෝයි චරිතය උපයෝගී කරගන්නේ එතුමාගේ චරිතයෙහි ශේ්‍රෂ්ඨත්වය ඔබට පෙන්වා දීමට නොව අපට උපතින්ම ලැබී ඇති සිංහල බෞද්ධ සංස්‌කෘතික උරුමයෙහි ශේ්‍රෂ්ඨත්වය ද ඔබට පෙන්වාදීම සඳහාය.

උදයසිරි වික්‍රමරත්න

http://www.divaina.com/2009/10/11/siya02.html

හැරී බලමි මම ඔබේ ඇසින්...


ජීවිතය යනු කුමක්‌දැයි අවබෝධ කර ගන්නට මිනිසා උත්සාහ කළේ බොහෝ ඈත අතීතයේ සිටය. මහා කලා කෘති ලොවට බිහිවන්නේ සුන්දරත්වය ප්‍රේමය ආදරය දයාව කරුණාව වැනි හැඟීම් තුළින් ජීවිතයට අරුතක්‌ සපයන්නට මිනිසා වෑයම් කිරීමේ ප්‍රතිඵලයක්‌ හැටියටය. මේ විශිෂ්ට කලා කෘති ලොව විවිධ භාෂාවන්ගෙන් නිර්මිතව පවතියි.

සංස්‌කෘත ද ලෝකයට බොහෝ සුන්දර අරුත් එක්‌ කළ එවන් භාෂාවකි. සංස්‌කෘත සාහිත්‍යය තුළ ජීවිතය අරුත් ගැන්වී ඇති සැටි විමසා බලන්නට අපත් සමග මේ සංවාදයක යෙදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්‌කෘත අධ්‍යයන අංශාධිපති ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන්ය.

දරුවෙක්‌ අහිමිවූ පසු මවකට ඇතිවන හැඟීම කෙබඳුද? දරුවා ජීවිතය පුරවයි. එය අහිමිවීම ජීවිත කාලය පුරා සිත පෙළන වේදනාවකි.

දෑත අප දෙදෙනගේ
රැගෙන ඔබ පෙරමුණේ
ගීතයක්‌ වෙමින් ගිය
ගමනකිය බොඳ වුණේ

දෝත හිස්‌ විය පුතුනි
දරනු බැහැ ඔබ සෙනේ
සීත හිමි රටේ හිම
කැටියකද සිරවුණේ

ලෝකයේ පැවැත්ම තීරණය කරන්නේ මේ ආදරයයි. පීතෘත්වය ගැන කතා කරද්දී පිය පුතු සම්බන්ධය පිළිබඳ උපනිෂ්ද හි මෙබඳු සංවාදයක්‌ හමුවෙයි.

පියා ජීවිතයෙන් සමුගන්නෙ පුතුට සියල්ල පවරා දෙමින්. විවිධ යුගවලදී විවිධ දේශපාලනික සංග්‍රාමික අවධිවලදී අප දකින්නේ පිය පුතු සෙනෙහසේ ප්‍රවාහයේ බිඳ වැටීම්. දරුවෝ පිටත්ව යති. පියවරු එකතු වෙති. මේ ෙ€දවාචකය සාජියන් කරූන් නම් මලයාල සිනමාකරුවා සිය සිනමා පටයකට තේමා කර ගනියි. පියෙකුට පුතෙකු අහිමිවීම කොතරම් ෙ€දවාචකයක්‌ද? පුතා පොලිසියට ගියත් හමුදාවට ගියත් වෙනත් දේශපාලන සංවිධානයකට ගියත් පියා කවර තරාතිරමක පුද්ගලයකු වුවත් පුතෙක්‌ අහිමි වුණොත් එය කවර ෙ€දවාචකයක්‌ද? පියා විනිශ්චයකරුවකු වුවත් ඇමැතිවරයකු වුවත් කැරලිකාරයකු වුවත් තම පුතා අහිමි වීම ඒ හැම පියකුටම මොන තරම් වේදනාවක්‌ද? ඔහු සිය සිනමා කෘතිය ආරම්භ කරන්නේ උපනිෂද් හි එන මේ සංවාදයෙන්. පුතා පියාගෙන් සමුගන්නා මොහොත සංවාද ස්‌වරූපයෙන් එහි දක්‌වා තිබෙනවා.

පුත මා මා තුළ ඇති මගේ වචන ඔබ තුළ තබනු කැමැත්තෙමි

පියාණෙනි මා ඔබේ වචනය මා තුළට ගනිමි

පුත මම මගේ ගමන ඔබ තුළ තබනු කැමැත්තෙමි

පියාණනි ඔබේ ගමන මා තුළට ගනිමි

අවසානයේ මේ පියාණන් තම පුතුට දෙන්නේ ඔහුගේ ජීවන හුස්‌මයි.

මගේ ආදරණීය පුත්‍රය මගේ ජීවන හුස්‌ම මා ඔබ තුළ තබමි.

පියාණනි ඔබේ ජීවන හුස්‌ම මා තුළට ගනිමි.

මේ ලෝකය සමන්විත වන්නේ පියාගෙන් පුතාට පුතාගෙන් පුතාට ගලායන මේ ජීව ප්‍රවාහයෙනුයි. මේ ප්‍රවාහය එක තැනකින් හෝ බිඳුනොත් එහි රිද්මය බිඳීයනව. කලාකරුවා එරෙහි විය යුත්තේ එයටයි. සාජියන් කරූන්ගේ මේ සිනමා පටයේ ප්‍රධාන සිදුවීම පියෙකුට තම පුතා අහිමිවීම වුවත් පුතාගේ එකදු රූප රාමුවක්‌ හෝ සිනමා පටයේ දක්‌නට ලැබෙන්නේ නැහැ. නමුත් හැම රූප රාමුවක්‌ තුළම පුතා සිටිනව. අපේ රටේ සිනමා පටයක ෙ€දවාචකයක්‌ නිරූපණය කරන්නේ ඒ ෙ€දවාචකය මුළුමනින්ම රූපයට නගමින්. සිනමා පටය නරඹන අපත් එම ෙ€දවාචකයේ කොටසක්‌ කරල කලබල සිනමා ශාලාවෙන් හෝ නාට්‍ය ශාලාවෙන් එළියට දමන්නෙ හිටියට වඩා දරුණු මිනිහෙක්‌. සාජියන් කරූන් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඔබගේ සිනමා රීතිය කුමක්‌දැයි ප්‍රවීණ කලාකරු ධර්මසිරි ගමගේ ඇසූ පැනයට ඔහුගේ පිළිතුර වන්නේ ෙ€දවාචකය දකින්න එහි සංත්‍රාසයෙන් කලබල නොවන්න යන්නයි. ෙ€දවාචකය දැක එහි සංත්‍රාසයෙන් කලබල නොවී අනාගතයේ එබඳු ෙ€දවාචක ඇති නොවන්නට කටයුතු කරන්නාටයි කලාකරුවා කියන්නේ. නිර්මාණකරුවා කියන්නෙ.

නමුත් අද සමාජයේ වැඩිපුර ඉන්නෙ නිෂ්පාදකයෝ. නිපදවන්නෝ. නිර්මාණය ඊට වඩා වෙනස්‌. එය බිහිවෙන්නෙ හෘද සාක්‍ෂියට අප අවනත වන මොහොතයි. අපේ රටේ ජීවත් වුණු විශිෂ්ට කලාකරුවෙක්‌ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්. එතුමාගේ ජීවිතේ මාධ්‍යය වෙන්නෙ එකම සංගීත භාණ්‌ඩයක්‌වත් නෙමෙයි. එතුමා මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ බට නළාවක්‌ වන ලෙසයි. බටනලාවට රත්රන් කැට පිරෙව්වත් සංගීතයක්‌ එන්නේ නැහැ. ගල්කැට පිරෙව්වත් සංගීතයක්‌ එන්නේ නැහැ. ඒ නිසා අකිමානයේ රත්රන් කැටවත් හීනමානයේ ගල් කැටවත් පුරවන්නේ නැතිව ජීවිතය මධ්‍යස්‌ථව දුටු කලාකරුවෙක්‌ ආචාර්ය අදිකාරම්. මහත්මා ගාන්ධිතුමා වරක්‌ කළ ප්‍රකාශයක්‌ මේ මොහොතේ මගේ මතකයට එනවා. කට හඬ ලස්‌සන කරගෙන කන්කළු ගී ගැයීම ලොව බොහෝ දෙනාට කළ හැකි දස්‌කමකි. එහෙත් පවිත්‍ර ජීවිතයක සෞම්‍යතාවයෙන් මධුර සංගීතයක්‌ මවන්නට සමත් වන්නේ ලෝකයේ ස්‌වල්ප දෙනෙකි.

ඔවුන් සැබෑ නිර්මාපකයෝ නිෂ්පාදකයෝ නෙමෙයි. කලාකරුවකුගේ අවසාන වශයෙන් මාධ්‍යය විය යුත්තේ ලේඛකයකුගේ නම් පෑනවත් සංගීතඥයකුගේ නම් සංගීත භාණ්‌ඩයක්‌වත් නොවෙයි. ඒවා අවශ්‍යයි. අවසාන අර්ථයේදී සංගීතය විය යුත්තේ ජීවිතයයි. ඉදින් නිවැරදි ස්‌වරය ස්‌පර්ශ කරන්නේ නම් සෑම කෙනෙකුගේම ජීවිතය සංගීතයක්‌ වෙයි.

සාකච්ඡාවකින් සකස්‌ කළේ පාලිත සේනානායක

http://www.divaina.com/2009/10/11/siya13.html

සුනන්ද පුෂ්පකුමාර

රාවය - sep 20, 2009

මධුර යාමේ ගී ප්‍රසංගය

මධුර යාමේ ගී ප්‍රසංගය

ඔක් : 29 දා B. M. I. C. H හිදී

ආර්. මුත්තුසාමි නම් වූ අති විශිෂ්ට සංගීතවේදියාණන් පිළිබඳ කතාබහක්

1928 ජනවාරි 05 වැනි දින දකුණු ඉන්දියාවේ නාගර්කෝවිල්හි උපන් රාමයියා මුත්තුසාමි ශ්‍රී ලාංකික සංගීත රසිකයා අතර ප්‍රකට වූයේ ආර්. මුත්තුසාමි නැතහොත් මුත්තුසාමි මාස්ටර් යන ආදරබර නමිනි.

සංගීතඥයකු මෙන්ම අතිශය මධුර තනු රචකයකු හා අතිදක්ෂ වයලීන වාදකයකු වූ ඔහුගේ විශිෂ්ට කුසලතාව වැඩි වශයෙන් කැපි පෙනුණේ මෙරට චිත්‍රපට සංගීත ක්ෂේත්‍රය තුළය.

උපතින් හින්දු භක්තිකයකු වූ මුත්තුසාමි මාස්ටර් ගේ මවුබස දෙමළය. එහෙත් පසු කලෙක ඔහු බුදු දහමට හා සිංහල බසට බෙහෙවින් ඇළුම් කළ, ඒවාට ගරු කළ සැබෑ ශ්‍රී ලාංකිකයකු බවට පත් විය. මුත්තුසාමි ගේ පියා ඉසෙක්කිමුත්තු රාමය්යා හෙවත් රාමය්යා භගවතාර් ඉන්දියාවේ සංගීත පරම්පරාවකින් පැවත ආ ගායනයෙහි හා වයලීන වාදනයෙහි දක්ෂකයකු වීය.

මහරාජාවරුන් හා ප්‍රභූවරුන් ඉදිරියේ ගායන, වාදන ඉදිරිපත් කරමින් තෑගි බෝග ලැබූ රාමය්යාට අවශ්‍ය වූයේ සිය දරු තිදෙනාගෙන් මද්දුමයා වූ මුත්තුසාමි කෙදින හෝ දක්ෂ සංගීත ශිල්පියකු බවට පත් කිරීමටය. ඔහු සිය දරුවාට වයලීන වාදනය උගන්වන්නට වූයේ ඒ අරමුණ ඔස්සේ යමිනි. වයස අවුරුදු දහය ඉක්මවන්නටත් ප්‍රථම දරුවා වයලීන වාදනයෙහි බුහුටිකම් පෑවේය.

ඒ. සි.රාමචන්ද්‍රන් නමැති මහා සංගීතවේදියා වෙතින් මුත්තුසාමිගේ කුසලතාවන් වඩාත් ඔප් නැංවිණ. රාමචන්ද්‍රන්ගේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයකු සේ ඉඳහිට කටයුතු කරන්නට මේ මහා සංගීතවේදියා මුත්තුසාමිට ඉඩ සලසා දුන්නේ ඊට අවැසි ගුරු හරුකම්ද සමඟය.

ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරිකයකු හා චිත්‍රපට නිෂ්පාදකයකු වූ එස්.එම් නායගම් 1950 දී මෙරට ප්‍රථම චිත්‍රාගාරය සුන්දර සවුන්ඩ් නමින් කඳානේ ඉදිකරන ලදි. නායගම් විසින් මුත්තුසාමි මාස්ටර් ලංකාවට ගෙන්වා ගත්තේ එහි සංගීත අංශය බාරදීම සඳහාය.

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් මුත්තුසාමිගේ භුමිකාව ඇරැඹෙන්නේ 1953 වසරේ තිරගත වූ “පේ‍්‍රම තරගය” චිත්‍රපටය සමගිනි. පෙර කළ පව පළදී, හෝ හඬ දී බැස යන ගංගා, උගත්තු, වියත්තු, හොඳ හොඳම වේය ලොව, අලි වැඩේනෙ වෙන්න ගියේ වැනි අතිශය මියුරු, අදටත් ජනපි‍්‍රය එම ගීත ඇතුළත් වූයේ “පේ‍්‍රම තරගය” චිත්‍රපටයටයි. එයින් පසු එක දිගටම මුත්තුසාමි මාස්ටර්ට වැඩ ගලාගෙන ආවේය.

ඔහුගේ ඇතැම් ගීත ස්වතන්ත්‍ර නිර්මාණ වූ අතර අනුකාරකවාදී ගීත ද ඒ අතර විය. 60 - 70 දක්වා ද්වි දසකය මුත්තුසාමි මාස්ටර්ගේ චිත්‍රපට සංගීත කලාවේ දීප්තිමත්ව යුගය සේ හැඳීන්විය හැක.

දශක තුනකට අධික කාලයක් පුරා දේශීය සිනමා සංගීතය, ජනපි‍්‍රය කලාංගයක් බට පත් කිරීම උදෙසා ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ මේ මහා ගාන්ධර්වයා සිය සෞන්දර්ය චාරිකාවෙන් මෙන්ම රසිකයන්ගෙන් ද සමුගෙන නික්ම ගියේ මෙයින් විසි එක් වසරකට පෙරාතුව එනම් 1988 ජුනි 27 වැනිදාය. නමුදු අපි අද ද ඔහු අතින් බිහි වුණ මධුර තනුවක මිහිරෙන් මත් වෙමු.

ඒවා රස විඳීන්නෙමු. සැබෑ කලාකරුවා මිය ගිය ද ඔහුගේ නිර්මාණ කිසිදා මිය යන්නේ නැත. මුත්තුසාමි මාස්ටර් අපට පසක් කර දුන්නේ ද එකී සත්‍යයයි. මී බිඳු මෙන් රසවත් අපූර්වතම ගී දහස් ගණනක් අපට ඉතිරි කොට තැබුව ද ඔහු ඔහුට කියා ඉතිරි කර ගත් කිසිවක් නැත.

බොහෝ සංවේදී මිනිසුන්ගේ ජීවිත උරුමයක් බඳු සෝ තැවුල්, කලකිරිම්, දුක් සංතාපයන්ගෙන් මුත්තුසාමි ගේ ජීවිතයටද අඩුවක් නොවීය. එහෙත් ඒ සියල්ල විඳ දරා ගනිමින් දිවිමගේ ඉදිරියට පිය නඟන්නට තම ජීවන සහකාරිය වෙතින් ඔහුට ලැබුණේ මහත් ශක්තියකි.

ඈ සිංහල, බෞද්ධ කුල කාන්තාවක වූ නීලියා බමුණු ආරච්චිය. මුත්තුසාමි - නීලියා විවාහ සිදුවූයේ 1961 නොවැම්බර් 08 වැනිදාය. එම විවාහයෙන් ඔවුනට පුතෙකු හා දියණියන් තිදෙනෙකු ලැබිණ.

වැඩිමහල් පිරිමි දරුවා වූ මොහාන් රාජ් අද දක්ෂ කීබෝඩ් වාද්‍ය ශිල්පියකු, ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව සිටී. චිත්‍රාංගි, ප්‍රසන්නි සහ කීර්තිකා යන දියණියන් තිදෙනාම ගායනයෙහි දක්ෂ වුවද ඔවුන් වෘත්තීය මට්ටමෙන් සංගීත ක්ෂේත්‍රයට එක් වූයේ නැත.

මොහාන් රාජ්

සැබෑ කලාකරුවා එක් ජාතියකට, ආගමකට හෝ කුලයකට පමණක් අයිති වන්නකු නොවන බව ඔප්පු කළ ආර්. මුත්තුසාමි තම ගී නිර්මාණ මගින් මුළු මහත් ලක් වැසියන්හටම රස, මිහිර බෙදා හදා දුනි.

මේ 29 වැනිදා සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආර්. මුත්තුසාමි කලාකරුවාට උපහාර පිණිස “මධුර යාමේ” නමින් ගී ප්‍රසංගයක් පැවැත්වීමට මේ දිනවල සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.

ප්‍රවීණ, ජනපි‍්‍රය ගායන ශිල්පීන්, ශිල්පිිනියන් පහළොස් දෙනෙකු විසින් මුත්තුසාමි මාස්ටර් තනු නිර්මාණය කළ ගීත විසි ඛ්තරක් එදින ගායනා කිරීමට නියමිතය.

මුත්තුසාමි මාස්ටර්ගේ දයාබර බිරිඳ නීලියා බමුණුආරච්චි මහත්මිය මේ ප්‍රසංගය හා ඔහුගේ සංගීත දිවියේ යම් යම් සුවිශේෂ දෑ පිළිබඳ කතාබහ කරන්නට “සරසවිය” සමගින් එක් වූයේ මෙලෙසිනි.

මුලින්ම කියන්න ඕනෑ මේ ප්‍රසංගය ගැන. මහත්මයා අපෙන් වෙන් වෙලා පසුගිය ජුනි 27 වෙනිදාට අවුරුදු විසි එකක් පිරුණා. ඒකත් නිමිති කරගෙන තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. මහත්මයා සංගීත නිර්මාණය කළ ජනපි‍්‍රයම ගීත කිහිපයක් ජනපි‍්‍රය ගායක, ගායිකාවන් පහළොස් දෙනෙක් එදාට ගායනා කරනවා. “මධුර යාමේ” ප්‍රසංගයේ වාදක මණ්ඩලය මෙහෙයවන්නේ පුතා මොහාන් රාජ්.

කවුද මේ ප්‍රසංගය සඳහා මුල පිරුවේ....?

මහත්තයාගේ විසි එක්වන සංවත්සරයට එතුමා සිහි කරලා උපහාර ප්‍රසංගයක් කරන්න වුවමනාවක් අපට තිබුණා. ඒත් අපට තනියෙන් එවැනි දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් වන ජයන්ත ධර්මදාස මහත්තයාට මේ බව කිව්වා. ජුලි 20 අපි එහේ ගියේ. කලාකරුවෝ කීප දෙනෙක්ම එදා එක් රැස් වෙලා හිටියා.

ආයෙත් අපිව ජුනි 27 වැනිදා නවලෝක රෝහලට එන්න කියලා ජයන්ත ධර්මදාස මහත්මයා කිව්වා. එදා පුංචි උත්සවයක් තියල අපිව පිළිඅරගෙන මූල්‍යමය ආධාරයකුත් අපට කළා. රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ටී. එම්. සංඝදාස, රොබින් ප්‍රනාන්දු, සනත් ගුණතිලක, සුනිල් ටී. ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, මහින්ද රාමනායක වැනි කලාකරුවන් පිරිසකුත් එතන හිටියා. වෙලාවේ හැටියට ඒ කළ උදව්ව ගොඩක් වටිනවා.

එදා තමයි මේ ප්‍රසංගය පවත්වන්න මුල් අඩිතාලම වැටුණේ. මේ වේලාවේ විශේෂයෙන්ම ජයන්ත ධර්මදාස මහතාව අපි ආදරයෙන් සිහිපත් කරනවා.

මුත්තුසාමි මාස්ටර් නැතිවෙලා දැන් අවුරුදු විසි එකක්. ඔහු නැති අඩුව ඔබට අදටත් දැනෙනවා ඇති....

ඇත්තටම මහත්තයා නැති අඩුව මම හිතන්නේ කවදාවත් පිරිමැහෙන එකක් නැහැ. ඒක අපේ පවුලට විතරක් නෙවේ, මුළු රටටම පාඩුවක්. අද අපි ඉන්නේ ගොඩක් අසරණ වෙලා. මට ඉන්න හිටින්න තැනක්වත් නැහැ. චූටි දුවත් එක්ක ඉන්නේ. අනෙක් දරුවෝ මා ගැන නොබලනවා නෙවෙයි. ඒත් ඒ අයටත් ගොඩක් ප්‍රශ්නනේ. මොහාන් පුතා ළඟ තමයි මම මුලින් හිටියේ. එයාටත් දැන් ප්‍රසංග ලැබෙනවා අඩුයිනේ.

ඇගේ දෑස් කඳුළෙන් තෙත් වේ. ඒ කඳුළු බිඳු සඟවා ගන්න ඈ දරනා ආයාසය මට පෙනේ. සිය සැමියා ගේ අකල් වියෝවෙන් පසුව, දරුවන් සිවු දෙනාගේ යුතුකම් ඉටු කරමින්, ඔවුන් ලොකු මහත් කරන්නට දිවිය කැප කළ මේ දිරිය මවට ඒ කඳුළු, සරදමකි. ඒ ඇය කඳුළට තම ආත්මය බාර දුන් ගැහැනියක නොවන නිසාවෙනි.

ඇත්තටම පුතේ මට විශ්‍රාම වැටුපක්වත් ලැබෙන්නේ නැහැ. නිතරම ඉන්නේ ලෙඩ ගානේ. ඒත් කාටවත් මම අපේ දුක කියන්න, අතපාන්න ගියේ නැහැ. ඒක මගේ මහත්තයාට කරන අවමානයක් කියලයි මම හිතුවේ. අගමැති සර් ජෝන් කොතලාවල මගේ මහත්තයා මේ රටට පිළිගත්තේ පුරවැසිභාවයත් ලබා දීලා. එතුමා “පේ‍්‍රම තරගය” නරඹා එහි සංගීතය ගැන පැහැදිලා තමයි මුත්තුසාමි මාස්ටර්ට පුරවැසිකම ලබා දුන්නේ.

‘පේ‍්‍රම තරගය’ නිසා මුත්තුසාමි මාස්ටර් ට විශේෂ සම්මානයකුත් පිරිනැමුණා නේද...’?

ඔව්. ‘පේ‍්‍රම තරගය’ සංගීතය වෙනුවෙන් ඔහුට ඉන්දියානු පුවත්පත් කලාවේදීන් සංගමය India Journalist’s Association මගින් ඉතා විශිෂ්ට සම්මානයක් පිරිනැමුවා. ඒතත All India Cultural Carnival කියන උළෙලේදී තමයි මේ සම්මානය ඔහුට ලැබුණේ. සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් ලැබුණ ප්‍රථම විදෙස් සම්මානය තමයි ඒ.

කොහොමද ඔබට මුත්තුසාමි මාස්ටර් මුණ ගැසුණේ?

මගේ මවුපියන් කලාවට, විශේෂයෙන්ම සංගීතයට ලොකු ඇල්මක් දක්වපු අය. අපි පදිංචි වෙලා හිටියේ කොහුවල. මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. හීන්බබා ධර්මසිරි ගුරුතුමාගෙන් මම නැටුම් ඉගෙන ගත්තා. මගේ අයියා තමයි ඒ කාලේ ජනපි‍්‍රය ගායකයකු වූ හෙන්රි පෙරේරා.

මට මුත්තුසාමි මාස්ටර් මුලින් හමු වුණේ “කුරුලු බැද්ද” චිත්‍රපටයේ ගීත පටිගත කිරීමක් බලන්න ගිය වෙලාවේ. අයියාට එහි කවි කිහිපයක් ගායනා කරන්න තිබුණා. අයියත්, තාත්තත් එක්කයි එදා මම ඒ පටිගත කිරිම බලන්න ගියේ. ඒත් අන්තිමට මට සිංදු කියන්නත් වුණා.

කොහොමද ඒක වුණේ....?

ඒ කාලේ සංගීතය සහ ගීතය පටිගත කළේ එකටමයි. වාදනය, වැරදුණත්, ගයනය වැරදුණත් ගීතය මුල ඉඳලාම පටිගත කරන්න වෙනවා. “කුරුලු කොබෙයි පරෙවි වනේ” කියා ලතා වල්පොල ගයන ගීතයක් තිබුණා. ඒකේ කෝරස් ගායනා කළේ චන්ද්‍රා ද සිල්වා, ඇන්ජලින් ගුණතිලක, මල්ලිකා කහවිට සහ මම. ගීතයේ පේළි දෙකක් ගායනා කරන්න කෙනෙක් නැති නිසයි මාව තෝරා ගත්තේ.

“හමන සිසිල් සුළඟ නටයි

එකට හැපිලා

ගුවන් තලේ, නඳුන් වනේ

බිමට වැටීලා..... “ කියන කොටසයි මම ගායනා කළේ. එදා මට මුත්තුසාමි මාස්ටර් ගැන ඇති වුණේ ලොකු ගෞරවණීය හැඟීමක්. ඔහු නිතර අපේ අයියා හමුවෙන්න ගෙදර ආවා ගියා. “මං පොඩි කාලේ දැක්කට පස්සේ” ගීතය අය්යා ගැයූ ගීතවලින් ඉතාම ජනපි‍්‍රය වුණා. ඒක නිර්මාණය කළේ මාස්ටර්. ටිකෙන් ටික අප අතරේ සම්බන්ධයක් ගොඩ නැගුණා. ඒක කෙළවර වුණේ විවාහයෙන්.

මුත්තුසාමි මාස්ටර් වඩාත් ජනපි‍්‍රය වුණේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු විදිහට. ඔහු චිත්‍රපට කීයක සංගීතය සැපයුවාද?

මම හිතන්නේ චිත්‍රපට දෙසිය විසිපහක විතර. ඒ අතරින් ගොඩක් ගීත ජනපි‍්‍රය වුණා. සංදේශය චිත්‍රපටයට සුනිල් සාන්ත තනු නිර්මාණය කළ ගීත සියල්ලම සංගීතවත් කළේ මහත්තයා. එතකොට මාතලන්, අහංකාර ස්ත්‍රී, කුරුලු බැද්ද, සිකුරු තරුව, අල්ලපු ගෙදර, සත පනහ, සිතක මහිම , වහල් දූපත, චන්ඩියා, යටගිය දවස, වගේ චිත්‍රපටවලට ඔහු නිර්මාණය කළ ගීත අදටත් රසිකයන්ට මතකයි.

ලතා වල්පොල, මොහිදීන් බෙග්, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක ජේ. ඒ. මිල්ටන් පෙරේරා වගේ ගායක, ගායිකාවෝ තමයි ඔහු වැඩිපුරම ඒ ගීත ගැයීම සඳහා යොදා ගත්තේ. ඒ වගේම මුත්තුසාමි මාස්ටර් ගේ ගීතවලට වැඩිපුරම පද රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්.

1960 වසරේ තිරගත වූ “නළඟන” චිත්‍රපටයට “ගිලුනා සෝක ගෙඟ් “ ගීය ගයමින් මුත්තුසාමි ද පසුබිම් ගායනයට එක් විය. ඉන්පසු ඔහු “මධුර යාමේ” ( සිතක මහිම ) “මගෙ දෑසම පියවී එන්නේ” (සසරක හැටි ) “ළිඳ තුළ මැදි වුණ මැඩියා” ( අල්ලපු ගෙදර) වැනි අතිශය ජනපි‍්‍රය ගීත කිහිපයකටම තම මියුරු හඬ එක් කළේ ඔහුගේ කැමැත්තට වඩා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ඇවටිල්ල නිසාවෙනි.

ටෛම්ස් ආයතනය මගින් 1974 දී සංවිධානය කරන ලද “දීපශිඛා” සම්මාන උළෙලේදී වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සංගීතවත් කිරීම වෙනුවෙන් ඔහුට “දීපශිඛා” සම්මාන පිරිනැමීය. දේශීය සිනමා සංගීතයට ඉටු කළ මෙහෙය වෙනුවෙන් 1985 දී මුත්තුසාමි වෙත ජාතික කතෝලික සිනමා පර්ෂදයේ O. C. I. C සම්මානය ද පිරිනැමිණ.

මුත්තුසාමි මාස්ටර් ඉතාමත් ප්‍රතිපත්ති ගරුක, යහපත් මිනිසකු බව මා අසා තිබෙනවා. ?

බිරිඳ නීලියා සහ චිත්‍රාංගි, ප්‍රසන්නි, කීර්තිකා දියණියන් තිදෙනා.

ඒක ඇත්ත. ඔහු සංගීතය වෙනුවෙන් මුළු ජිවිතයම කැප කළ කෙනෙක්. ඒත් ඔහු ජීවත් වුණේ ගොඩක් සිත් රිදීම්, කලකිරිම් මැද්දේ. බොහෝ චිත්‍රපටවලින් ඔහුට මුදල් ලැබුණේ නැහැ. සමහර ඒවට ලැබුණේ පොරොන්දු වුණ මුදලට අඩුවෙන්. ඒ වගේම මහත්තයාට ගොඩක් කැපිලි, කෙටිලිත් තිබුණා. සමහරු ඔහුට මතුවෙන්න ඉඩ දුන්නේ නැහැ.

මට මතකයි එක්තරා චිත්‍රපටයක් ගීත පටිගත කිරීම් අවසානයේ නිෂ්පාදකවරයා ඔහුට මුදල් ගෙවුවේ නැහැ. එදා මහත්තයා කරේ තිබුණ පවුම් පහ, හයක මාලය විකුණලා තමයි එයාගේ වාදක මණ්ඩලයට මුදල් ගෙව්වේ. ඒ කාලේ වාදකයකුට දුන්නේ රුපියල් තිස් පහයි. මහත්තයා සටන් කරලා තමයි ඒ මුදල රුපියල් පනහ දක්වා වැඩි කර ගත්තේ.

කෝවිලට වඩා මුත්තුසාමී මාස්ටර් ඇළුම් කළේ පන්සලටය. පන්සල හා ඔහුගේ තිබුණේ කිට්ටු සබැඳීයාවකි. ඒ පිළිබඳ නීලියා මහත්මිය දක්වන අදහස් මෙබඳුය.

අපේ දරුවෝ හතර දෙනාගෙම නම් දැම්මේ කොළොන්නාවේ සෝමාලංකාර නායක හාමුදුරුවෝ. ඒ විතරක් නෙවේ, දුවලා තුන් දෙනාම ඉගෙන ගත්තේ බෞද්ධ කාන්තා විදුහලෙන්.

එයා දරුවන්ට හරිම ආදරෙයි. රෑ වෙලා ගෙදර එද්දි දරුවෝ නිදාගෙන හිටියොත් එයලා අවධි කරවලා ඒ හැමෝටම බත් කට, කට කවනවා. හරිම ආදරෙන් දරුවන්ට කතා කරන්නේ. හැබැයි එයාලා සංගීතය පැත්තට යොමු වෙනවාට මහත්තයාගේ සිතේ කැමැත්තක් තිබුණේ නැහැ. මොහාන්ව සංගීතය පැත්තට යොමු කරන්න මුල් වුණෙත් මම. ඒක කළේ මහත්මයාට හොරෙන්. ඒත් පස්සේ ඔහු පුතාගේ දක්ෂතාවයන් දැකලා ඒ ගැන සතුටු වුණා

මුත්තුසාමි වැනි විශිෂ්ට ගනයේ කලාකරුවන් රටකට පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. මහා සංගීත සම්ප්‍රදායක් ඇති ඉන්දියාව වැනි රටක, සංගීත පරම්පරාවක ඉපදුණ ද ඔහු තම හැකියාවන් කල එළි දක්වන්නට තෝරා ගත්තේ අපේ මේ පුංචි දිවයිනයි.

එහෙත් මුත්තුසාමි මාස්ටර් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මහා මෙහෙවරට අපෙන් පෙරළා ඔහුට යුතුකම් ඉටු වූවා යැයි කිසිවෙකුට උදම් ඇනිය නොහැක. අතපසු වූ ඒ යුතුකම් පමා වී හෝ ඉටු කිරීමට කාලය දැන් එළඹ තිබේ.

http://www.sarasaviya.lk/2009/10/08/_art.asp?fn=sa09100816&pn=*10,19

“අඳුරු වන බිමකි අප නිවසන”


90 වැනි දශකයේ බිහි වූ කවියකු ලෙස හැඳින්විය හැකි අනිල් නිශාන්ත ලොකුගමරාළ සිය දෙවැනි පද්‍ය එකතුව “අඳුරු වන බිමකි අප නිවසන” නමින් දැන් රසිකයන්ට පිරිනමා ඇත. ඔහුගේ ප්‍රථම පද්‍ය සංග්‍රහය වූයේ “මං මුහුදට බයයි” (2005) යන්නයි.

අනිල්ගේ නව කෘතියේ මුඛ්‍ය සාධනිය ගුණ නම්, ඔහු ගුරු කුල බැඳීම් රහිත නිදහස් කවියකු වීමත් බෙහෙවින් සුඛනම්‍ය, ළයාන්විත, රිද්ම පූර්ණ බසක් නිර්මාණය කරගෙන තිබීමත්ය. කෘතියේ සියලු ම නිර්මාණයන් හි බසේ ආලෝකය නො වෙනස්ව විහිදී පවතී.

නදන මුනි බණ
අසන නිතියෙන
නිවන් පුරයන
පාර නොසොයන

(මව් වලප)

“අඳුරු වන බිමකි අප නිවසන” කෘතියේ සංගෘහිත පද්‍යයන් 36 ඒවායේ නිර්මිතය අනුව දළ වශයෙන් කාණ්ඩ හතරකට බෙදනු කැමැත්තෙමි. ඒ, උපයුක්ත බසින්, අරුත් සම්පාදනය ආදියෙන්. ප්‍රශස්ත සාර්ථකත්වයක් අත් පත් කර ගත් නිර්මාණ, සෞන්දර්යාත්මක වින්දනයක් නිම වන නමුත් අරුත් සම්පාදනය අතින් ද්විතියික වන නිර්මාණ, වෙසෙස් සාධනිය ගුණයක් නො පෙන්වන නිර්මාණ හා එක්් එක් වෙනස් හේතුන් මත දුර්වල යැයි කිය හැකි නිර්මාණ වශයෙනි.

එකී පළමු කාණ්ඩයට අයත් කළ හැකි නිර්මාණ කිහිපයක් විමසමු. කෘතියේ එන මංගල රචනය වන “ජීවිතයේ පෙරවදන” ජීවිතයට පෙම් බඳවන කවියකි. ජීවිතය පිළිබඳ කවියාගේ සුබවාදී හා උපේක්ෂා සහගත දෘෂ්ටිය ඉන් විශද වේ. කවියා ජීවිතය පිළිබඳ නැවුම් සංකල්පනයන් අනුප්‍රාසාත්මක පද සංයෝජනයෙන් අපට පිරිනමයි.

“අලුත් උදෑසන”, හේබා ගිය අපේ ජීවිතයට ප්‍රබෝධාත්මක දිරියක් කාන්දු කරවන, දුර්මුඛව නමා ගෙන සිටින අපේ හිස් ඔසවා ජීවිතය හාත්පස අලුතින් විමසන්නට පොලඹන වාග් මාලාවකි.

කවුරුන්ද මට දුන්නෙ
මේ සතුට
අරුණෝදයේ...

.........

හද රැඳුණු මල් සුවඳ අවුලුවා
නොවැටහෙන හීනයක දැවටෙන්න

අම්මා තමන් හැර දමා ගියෙන්, අක්කා සමඟ අප්පා ළඟ දිවි ගෙවන දරුවකු ඒ අම්මා අමතන, අවෛරී නමුත් ශෝකි ස්වරය “අම්මා වෙතටයි” පද්‍යයෙන් ගලා ඒ.

නුඹට සරාගී සඳ පෑ අමාවකේ
අපට අවා දුක් දැනුණා දිවා රැයේ

.........

කවියාගේ කවි ශක්තිය පානා සේම නිමැවුම රස ගන්වයි.

“හීනයක් ළඟ”, “මව් වලප”, සියුම් මානුෂිය සංවේදනයන් ස්පර්ශ කරන අතර “අලුත් මනාලියට” පද්‍යයෙන් මානුෂිය බැඳීම් වලදී නිදහස හා විවෘත භාවය තිබිය යුතු බවක් කවියා අපට හඟවයි. “වැලපුම් කවිය” ව්‍යංගය හා රූපක වියත් ලෙස පරිහරණය කෙරෙන නිමැවුමකි.

මගේ වර්ගීකරණය අනුව දෙවැනි ගණයට වෙන් කළ හැකි නිර්මාණ කීපයක් ද දක්වමි.

“එන්න මල් නෙළමු සඳ යට”, “සඳ සිහින”, “චමත්කාරයේ කිමිදෙමි” යන එම නිර්මාණ සුගම, මටසිලිටි වදන් පෙළකින් මනහර පරිසර වැනුම් වල යෙදෙතත් නිශ්චිත අනුභූතියක් පදනම් කරගෙන රසික සිත අවුළුවන්නේ නොවේ.

කුරුලු නද සවන් වෑහෙන
මීදුමින් වැසුණු දෙණි පෙත
පන් මලක් පිපි හිනැහේ
රන් කොතක් වගේ යායට

(චමත්කාරයේ කිමිදෙමි)

තුන්වැනිව මා ඉහත සඳහන් කළේ මෙසෙස් සාධනිය ලකුණක් නොපෙන්වන නිර්මාණ ගැනයි. කෘතියට නම දෙන “අඳුරු වන බිමකි අප නිවසන” යන නිර්මාණය නිරස නොවන නමුත් වාර්තා ගුණය නො ඉක්මවන නිසි එල්ලයක් නොමැති එකකැයි හැඟේ.

“මම මගේ ඇස් වසා” රචනය පසුගිය සමයේ බහුලව දක්නට ලැබුණු අනුකාරක ගණයට ළංව යන අතර එහි එන “ඔබේ නෙත් කැළුම් යට සැඟව ඇති මහ දුක” කුමක්දැයි රසිකයාට නොකියවෙන හෙයින් රසයත්, අරුතත්, ඌණ වේ.

“නූපන් දියණියට” පද්‍යය නිරවුල් අරුතක් නූපදවයි. “තාම මුළු ලෝකය ම හොදටෝම කරුවලයි” ආදි වශයෙන් කවියා කරන ප්‍රකාශයන් අහේතුක, අභව්‍ය ස්වභාවයක් ගනි. “පොඩි මිදුල”, “ඡන්දය”, “මලක මහිම” කාව්‍යමය ගුණය රැකුණ ද පිරුණු කවි නො වුණු ක්ෂුද්‍ර නිමිති බැව් පෙනේ. “අබිසරු ලියක් හා කවියෙක්” හිදී අනිල් උපයුක්ත බසෙහි උස් බව රැක ගත්ත ද බිසරු ලියන් කෙරෙහි මානවවාදී කවියන් දක්වන සුපුරුදු සානුකම්පාව ඉක්මවන යමක් එයින් අපට නොලැබෙයි.

අවසන් කාණ්ඩයට මා ඇතුළත් කරන නිර්මාණ අතුරින් “ලොකු මල්ලි”, “අතරමඟදී”, “ඡන්දයට පෙර රැය ගැන විපක්ෂ සගයාගේ දරුවන් කළ පාපෝච්චාරණය”, “කැබිතිගොල්ලෑවේදී”, “වැඩමුළුව“ ආදිය කාව්‍යාත්මක ගුණයෙන් හීන වාර්තා බවට පත්වී ඇත. “උමතු ගුරුතුමී”, මානව ඛේදවාචකයක් චිත්‍රණය කළ ද එය රසිකයාගේ හෘදයට එලෙස ම දනවන්නට නිර්මාණය නො සමත් වේ. හුදු ස්ත්‍රී රූ වැනුමක් වන “ගෞරී” පොතකට ඇතුළත් වීමට තරම් වන රචනයක් නොවේ.

කිසිදු කවියකුගේ නිර්මාණ සමුච්චයක සියල් රචනා සාර්ථක යැයි මිනිය නොහැකි වීම අසාමාන්‍ය අභූත තත්ත්වයක් නොවේ’ සරල යථාවකි. අනිල්ට ද එය පොදුය. එනිසා ම මේ සටහන සමාප්ත කිරීමට අනිල්ගේ වෑයමේ සමස්ථයේ ඵලය තක්සේරු කළ යුතුය. අනිල් සිය පළමු කෘතියේදී ම ආධුනික ලක්ෂණ කිසිවකුදු නො පෙන්වා අපගේ අපේක්ෂා දල්වා තිබිණි. දැන් ඔහු සිය දෙවන කෘතියෙන් වඩාත් පෝෂිත කවි බසකින් ද, කාව්‍යකරණය පිළිබඳ මනා අවබෝධයකින් ද, මනුෂ්‍යත්වය සමාජ හැසිරීම් ආදි ප්‍රපංචයන් පිළිබඳ ගැඹුරු දැක්මකින් ද සන්නද්ධව රසික සමාජය වෙත එළැඹ සිටී. සිය ගණනක් වන නූතන කාව්‍යක්කාරයන් අතරින් සැබෑ කවි ශක්තියෙන් හෙබි ප්‍රතිභාන්විත තරුණ කවියකු ලෙස නිසැකවම අනිල් ඉදිරි පෙළේහිම ස්ථාන ගත කිරීමට මම නිර්ලෝභි වෙමි.

දඹදෙණි යුගයේ නෂ්ටාවශේෂ ගැන සෙව්වා මදි



1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී ‘දඹදෙණි යුගයේ සාහිත්‍යය’ යන මැයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු.

අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව‘ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘පුන්කලස’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.

සේනාව රජ්ජුරුවො හැටියට උන් සෙනෙවියා ඉස්සරහට එක්ක ගියහම, සේනාධිපතියට බොහොම යටත් පහත් අන්දමට ඉඳල එක පාරට සෙනෙවියාගේ හිස ගසා දැම්මා. එතකොට සිංහල සේනාව කලබල වෙලා ඇයි මොකද කියා ඇහුව.

එතෙන් දි කීවා අපි මේ ක්‍රියාව කෙළේ බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ ආඥාවෙන් ය කියල ඉතින් සිංහලයොත් ඒ පැත්තට ගියා. පස්සෙ ඔක්කොම එක්කහුවෙලා යාපහුවට ගිහිල්ලා බුවනෙකබාහු කුමාරයා එක්ක ඇවිත් මෙහි සිංහාසනාරූඪ කළා.

රාජ්පුත් සේනාව

රාජ්පුත් සේනාව නොසිටියා නම් දඹදෙණිරාජ වංශය එතැනින් ඉවරයි. ඉතින් බුවනෙකබාහු රජ්ජුරුවොත් ටික කලකින් යාපහුවට ගොහින් රාජ්‍යය කරන්ට පටන්ගත්ත. රාජ්‍යය කරන අතරතුරේදී, අවුරුදු 11 ක් රජ කළාට පස්සේ, ආයිමත් අවුල් වියවුල් හැදිල පාණ්ඩ්‍යවරු ලංකාවට ඇවිත් යාපහුවෙන් දන්තධාතූන් වහන්සේත් අරගෙන ගොස් තියෙනව. ඒ කාලයේ ඉතිහාසය බැලුවම හුඟක් අවුල්.

එතෙන් දි ඒ කාලයේ බෝසත් විජයබාහු රජ්ජුරුවන්ගේ පුතෙක් පඬිරටට ගොහින් දන්තධාතූන් වහන්සේත් අරගෙන ඇවිත් තුන් වැනි පරාක්‍රමබාහු නමින් පොලොන්නරුවෙ රාජ්‍ය කරන කොට යාපහුවෙ බුවනෙකබාහු රජ්ජුරුවන්ගෙ පුතෙක් වන 2 වැනි බුවනෙකබාහු රජු ඔහු සමඟ යුද්ධ කරලා දන්ත ධාතූන් වහන්සේ අරගෙන ඇවිත් කුරුණෑගල රාජ්‍යය කළා. ඊට පස්සේ දඹදෙණිය රාජධානියක් වශයෙන් තිබුණේ නැහැ.

රජවරුන්ගේ වාසභවනයක් හැටියට තිබුණෙ නැහැ. දඹදෙණි යුගය විපත්ති අවුල් වියවුල් ඇති වෙච්ච කාලයක් ලංකාවට. එහෙම විපත්ති තිබුණ අතරෙදිත් ලංකාවේ රටේ දියුණුවට හුඟක් වැඩ කරල තියෙනව. උතුර අල්ලාගෙන බැරි උනත්, මේ පළාත්වල ඒ වනතුරු කැලෑවෙන් වැහිල තිබිච්ච ප්‍රදේශ එලි කරලා ජනාවාස කළා.

දඹදෙණි කතිකාවත

බෙන්තර, කළුතර අතර ප්‍රදේශය පොල් උයනක් කළා. ගම්පොළ පැත්තෙ උඩරට නොයෙක් නොයෙක් තැන්වල පාරවල් හදල පාලම් බන්දවල පහසුවෙන් ගමනාගමනය පුළුවන් වෙන විධියට රට හරි ගස්සල තියෙනවා. ඒ ඇරෙද්දි ඒ කාලයේදී ඉතාමත් ම සැලකිය යුතු දෙයක් වුණේ, රජවරු නොයෙක් කරදර අතරේ සතුරු වියවුල් අතරේ සාසනයේ දියුණුවට වැඩ කරලා තිබීමයි. ඒ කාලයේ දී කතිකාවත් දෙකක් පැනෙව්ව. එයින් එකක් දඹදෙණි කතිකාවත කියල මේ වනතුරුම තිබෙනව. ඒ කාලයේ සංඝයා වහන්ස්ලා ප්‍රතිපත්ති ගරුකව සිටිය.

ඒ වගේ ම රජවරු සංඝයාගේ සැප පහසුවට උවමනා සපයාදීම පිණිස බොහොම මහන්සි ගත්තා. ඒ කතිකාවත් බලන කොට පේනවා, ඒ කාලයේ හිටපු සංඝයාවහන්සේලා සාසනය පිරිසිදු ව තියාගන්ට කොපමණ මහන්සි ගත්තා ද කියා. ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් ඔය කාලෙදි ලංකාවෙන් ථෙරවාද බුද්ධාගම පැතිරිලා ගියා. ඊට ඉස්සර ථෙරවාදය නො තිබුණු රටවල්වලට සියමෙ ඔයිට ඉස්සෙල්ලා මහායානය තිබුණෙ. ඔය කාලෙදි තමයි සියම් මිනිස්සු රාජ්‍යයක් පිහිටුවා ථෙරවාද බුද්ධාගම වැළඳ ගත්තෙ. තම්බරට්ට ප්‍රදේශයෙන් ඉස්සර තිබුණෙ මහායානය.

ථෙරවාදයට ඔය කාලෙදි බොහොම බොහෝ දෙනා ආවේ පොළොන්නරුවෙ හිටපු භික්ෂුන්වහන්සේලා ගේ ක්‍රියාකාරිත්වයෙන්. ඒ හැර කාම්බෝජ දේශයේ ඒ කාලයේ දී එනම් 13 වැනි 14 වැනි ශත වර්ෂ දක්වාම මහායාන බෞද්ධයොයි ශෛවයොයි හිටියෙ. විශාල ගොඩනැඟිලි හදල තියෙනව. ඒ තරම් විශාල ගොඩනැඟිලි හදල තියෙන නිසා අපට පෙනෙනවා. ඒ කාලයේ දී ශිව භක්තියක් මහායානයත් කොතරම් දියුණුව තිබුණ ද කියල නමුත් පසුව ඒ රට ථෙරවාදයට නැමුණ.

ඒ නිසා ඒ අතින් බලනවිට දඹදෙණි යුගය ලංකාවේ බුද්ධ ශාසනය දියුණුව ගැන ඉතාමත් ම සැලකිය යුතු ස්ථානයක් ගන්නවා. ඒ කාලයේ රජවරු ලංකාවේ සංඝයා වහන්සේලාගේ ප්‍රතිපත්ති ආදිය පමණක් නොව ශාස්ත්‍රීය දියුණුව ගැනත් හුඟක් වැඩ කරලා තියෙනවා. පොත්පත් ලියවා තියෙනවා. උගත්තු ඇතිවෙන්ට පොත් තිබෙන්ට ඕනෑ. ඒ නිසා ඒ රජවරු පොත් ලියවල ඉගෙනගන්ට උවමනා අය අතට දුන්නා. එහෙම ලියාපු පොත් එක දෙකක් තවමත් තියෙනවා.

එයින් එකක් මේධංකර මහාස්වාමීන් වහන්සේට පූජා කරපු සුළුවගේ පිටපතක්. දැන් පොළොන්නරු දඹදෙණි යුගය පිළිබඳ ව සාහිත්‍යය ගැන කල්පනා කර බැලීමට උපකාර වෙන ඉතිහාසය ගැන තොරතුරු තරමක් දුරට කියල දුන්නා. තවත් හුඟක් කාරණ කියන්නට පුළුවන්. හුඟක් කාලය ගත්ත නිසා ඔය ඇති කියල හිතෙනවා. ඉතින් දැන් මේ පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් පුළුවන් නම් උත්තර දෙන්නම්.

පර්යේෂණාත්මක කතාවක්

මූලාසනය - දැන් මේ අවස්ථාවේ පැයකුත් විනාඩි අටක් වනතුරු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාණන් කළ ඓතිහාසික ශ්‍රේෂ්ඨ කතාව ඉතාමත් වැදගත් ඓතිහාසික කථාවකින් අභිෂේකයට පත් කළාය කියලා එතුමා ගේ කථාව අපට ගෞරවයෙන් සලකන්නට, ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. එය ඉතාමත් ම, පර්යේෂණාත්මක පැසුණු බුද්ධියෙන් පිඬු කොට ඉතාමත් වැදගත් අන්දමින් කළ කථාවක්.

ඒ නිසා අපි ඒ මේ මහ සභාව වෙනුවෙන් මහාචාර්ය පරණවිතාන මැතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දැන් මේ පඬිතුමාගේ කථාවට අනුව පරාක්‍රමබාහු රජතුමා උපන් ශ්‍රීවර්ධනපුරය ගැන පණ්ඩිත දෙගම්මැද සුමනජෝති ස්ථවිරයන් වහන්සේ සාකච්ඡාවට අදහස් යොමු කරනවා ඇති.

දෙගම්මැද සුමනජෝති හිමියෝ - ගරුතර මූලාසනාරූඪ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. සාකච්ඡා සම්මේලනයට සහභාගි වන ඒ වාගේ ම ඒ සාකච්ඡා සම්මේලනයෙහි රසාස්වාදනය විඳින්නට බලාපොරොත්තු වන ගිහි පැවිදි පින්වතුනි, මුලදී අපේ මහාචාර්ය පරණවිතාන තුමන් පැවැත්වූ කථාවේ පුරාතත්වය පුරාවිද්‍යාව ගැන මට හිතෙනවා යමක් සඳහන් උනේ නැහැ කියල. මම ඒ ශ්‍රීවර්ධනපුරය ගැන අදහස් ඉදිරිපත් කර තිබුණෙ සමහරවිට ඒ පිළිබඳව සඳහනක් ඒවිය කියල. දඹදෙණි යුගයේ පුරාතත්වය පිළිබඳව කියනවා නම් හුඟක් තොරතුරු කිය හැකියි.

සෙවිල්ලක් නැහැ

එතුමා කථාවෙහි සඳහන් කළා මහාවංශය ප්‍රසාද සංවේග දෙක ඇති කරලීම සඳහා ලියූ ඉතිහාස ග්‍රන්ථයක් බව. ඒ ප්‍රසාද සංවේග හොඳ හැටි ම ලබාදෙන යුගයක් තමයි දඹදෙණි යුගය. දඹදෙණි යුගයෙහි නෂ්ටාවශේෂ පිළිබඳව තවම මට හිතෙනවා කිසිම සෙවිල්ලක් කෙරිලා නැත කියලා. අනුරාධපුර, පොලොන්නරු ආදී යුග පිළිබඳව හුඟක් දුරට සොයල තිබෙනවා.

සීගිරිය පිළිබඳව මට හිතෙනවා මුළු ජීවිතයම වාගේ අපේ මහාචාර්ය තුමන් කැප කළා. දඹදෙණි නෂ්ටාවශේෂ ගැන කරුණු සෙව්ව කියන එක මට කියන්නට අමාරුයි. මේ වෙලාවේදි මා එවැනි නෂ්ටාවශේෂ එකක් දෙකක් ගැන සඳහන් කරනවා. තවත් සාකච්ඡාවට සහභාගි වන අය ඉන්නට පුළුවන් නිසා වැඩිය කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දඹදෙණි පරාක්‍රමබාහු රජතුමා උපන්නේ ශ්‍රීවර්ධනපුරයෙහි කියන මහාවංශයෙන් පැහැදිලියි.

වෙනත් තත්කාලීන ලේඛනවලින් පැහැදිලියි. මේ ශ්‍රී වර්ධනපුරය කුමක්ද කියල නිගමනය කිරීම බොහොම අපහසු කාරණයක් ඒ පිළිබඳව ඉදිරි පත් වී තිබෙන මතභේද ගොඩක් තියෙනව. මේ නගර මේ ළඟම අඩ යොදුණක් ප්‍රමාණයේ තිබුණු බවත් පැහැදිලියි. මේ ශ්‍රීවර්ධනපුරය කුමක්ද කියල නිගමනය බොහොම අපහසු කාරණයක්. මේ ළඟම අඩ යොදුණක් ප්‍රමාණයේ හැතැප්ම තුන හතරකට එහා විශාල නටබුන් තිබෙන පොළොන්නරු යුගයට අයත් කලාත්මක යම් යම් දේ තිබෙන ස්ථානයක් “වෙහෙරගල” නමින් සඳහන් වෙනවා.

මම මුලදී අදහස් කළා මීට අවුරුදු කීපයකට පෙර ඒ ස්ථානය දැකල මහාවංශයේ තොරතුරුත් එක් කරල සංසන්දනය කරල මේ ස්ථානය වෙන්ට පුළුවන් ශ්‍රීවර්ධනපුරය කියල. ඊට පස්සෙ ඒ අදහස මම පත්‍රයකටත් ලියල අපේ ඒ මහාචාර්යතුමා පුරාවිද්‍යා අධිකාරි වෙලා ඉන්න වේලාවෙදි ඉදිරිපත් කළා. මගේ මතකේ හැටියට උන්නැහේ සිතියමේ සටහන් කර ගත්තා. ඊට පස්සේ මේ ප්‍රසාද සංවේග යුගය පිළිබඳව මාත් තරමක් දුරට මාස ගණනක් මුළුල්ලේ සෙව්ව.

හුඟ දෙනෙකුට බලාගන්නට පුළුවන් එහෙම සොයාගෙන යන විට තවත් කීප පලක ජනකතා අනුව තොරතුරු සොයා ගන්ට ලැබුණා. ඒ එක පළක් තමයි ටැම්පිටිගොඩ කියල මේ ළඟ තිබෙන පුරාවස්තු තියෙන තැන. වෙහෙරගල පුරාවස්තුවලටත් වඩා ශ්‍රේෂ්ඨයි. ලංකා මිනුමේදී ඒ කාලේ සිටිය අය මේ පුරා වස්තුවල කිසිම වටිනාකමක් නොදැන ගල්කණු කඩල වලවල්වලට දමලා පස් වහලා තිබුණ බව මට දැනගන්නට ලැබුණා.

සමහරවිට තමන්ට නැතුව යාවි කියල බයෙන් එහෙම කරන්න ඇති. තවමත් හුඟක් දුරට එහි නෂ්ටාවශේෂ තියෙනවා. ජනකථා අනුව මේ පැත්තේ අය අතරේ පවතිනව සමහර විට මෙතන කියල ඒ ශ්‍රීවර්ධනපුරය තිබුණේ. ඒත් අඩ යොදුන් ප්‍රමාණයි. ඊටත් වඩා තවදුරටත් සාක්ෂි සහිතව තවත් ජනප්‍රවාදයක් සාක්ෂි වශයෙන් ඓතිහාසික ශාස්ත්‍රීය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන් ‘වීරගල’ අලව්වට කිට්ටුව කවුරුත් දන්නවා.

මේ ඉදිරිපත් කරන්නේ ශ්‍රීවර්ධනපුරය ගැන විස්තර තරමක් දුරට ශාස්ත්‍රීය සාක්ෂි අනුවයි. ඉස්සර පුරාවිද්‍යා අධිකාරිව සිටි බෙල් මහත්මයා විසින් වාර්තා ගත කරපු කෑගලු වාර්තාවේ ‘නාරම්බැද්දේ’ ශිලා ලිපියේ සඳහන් වෙනව එහි පරාක්‍රමබාහුය කියල පිරිවෙනක් ගැන.

එතකොට මහාවංශයේ සඳහන් වෙනවා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රීවර්ධනපුරයේ විශාල විහාරයක් කරල, පරාක්‍රමබාහු නමින් පිරිවෙනක් කළ බවත්. ඒත් ඔය නාරම්බැද්දේ ශිලා ලිපියත් වීරගලත් දෙක අතරේ තිබෙන ඓතිහාසික නෂ්ටාවශේෂ අනුව දැනට තිබෙන සාක්ෂි අනුව, ඒවා දුර්වල නමුත් ඒ සාක්ෂි අනුවත්, ජනප්‍රවාද අනුවත්, ඒ ශ්‍රීවර්ධනපුරය වීරගල ප්‍රදේශයත්, නාරම්බැද්දත් ඇතුළු ප්‍රදේශය විය යුතු යැයි මම කල්පනා කරනවා.

මා හිතනවා පරණවිතාන මහතා ඒ ගැන යමක් කියනවා ඇතැයි කියා. දඹදෙණි රාජ්‍ය වර්ෂ පිළිබඳව යමක්, මා සිතනවා එතුමාගේ කථාවේ සඳහන් නූනාදෝ කියල. ඒ කොහොම නමුත් කොච්චර කලක් මේ දඹදෙණි යුගය පැවතුණා ද කියන එක එතනත් බොහොම වැදගත්. මේකයි මා මේ වෙලාවේදී ඉදිරිපත් කරන කාරණය.

මූලාසනය - මීළඟට කොටහේනේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් වහන්සේ,

කොටහේනේ පඤ්ඤාකිත්ති ස්වාමීන්වහන්සේ, - මූලාසනයේ නායක ස්වාමීන්ද්‍රයන්ගෙන් අවසරයි, පින්වතුනි, මම වචන දෙකයි කතා කරන්නේ. 1936 විද්‍යොදය වාර්ෂික සංග්‍රහයෙහි පරණවිතාන මහතාගේ ලිපියක සඳහන් වෙනවා ජාවක රට ගැන. එදා මෙන් ම අදත් ඒ මහතා ජාවක රට පිළිබඳව සමාන අදහසක් දරන බව පෙනෙනවා.

අන්ධ රට

ඒ පිළිබඳව දඹදෙණියේ වැඩ සිටි මේධංකර මාහිමියන් වහන්සේ ගේ විනය සන්නය ඒක අමුද්‍රිත එකක්. ඒ පොතේ පාඨයක සඳහන් වෙනවා ඒ මහතා කාරණය පරීක්ෂණයට භාජන කරනවා ඇතැයි කියා. මා සිතනවා “අන්ධ නම් අන්ධ රට... අන්ධ නම් තමලිංගරට ජාවක රටයි” කියල. මේ හැටියට ජාවක රට “අන්ධරට” කියන එකයි දඹදෙණි කාලයේ වැඩ සිටි මේධංකර මාහිමියන්ගේ අදහස. පරණවිතාන මහතාගේ විශදඥානයට, විචක්ෂණ බුද්ධියට මේ කාරණය මා යොමු කරවන්නේ සමහරවිට ජාවක රට පිළිබඳව ඒ මහතා අදහස් කරන අදහසට වඩා ‘අන්ධරට’ යන අදහස යෝග්‍යයැයි මගේ කල්පනාව නිසයි.

පරණවිතාන මහතා - අන්ධරටය කියල එතැන තියෙන්නේ දකුණු ඉන්දියාවේ අන්ධරට ද? වෙන එකක් ද? ආන්ධ්‍ර ද? ඒක වෙන්න බැහැ. තමලිංගම් කියන නම මහා නිර්දේශ පාඨයකත් තිබෙනවා. පුරාණ කාලයේ වෙළෙන්දන් යන ප්‍රදේශවල ලැයිස්තුවකය ඇතුළත්වන්නේ. තම්බ්‍රලිංග නම සඳහන් චන්ද්‍ර භානුගෙ ශිලාලිපිය තිබෙන්නේ ‘ජෛයා’ කියන තැන. මලය අර්ධද්වීපයේ ඉහළ කොටසේ.

එතැන ලිපියේ තියෙන්නේ චන්ද්‍රභානු රජ්ජුරුවෝ තාම්බ්‍ර ලිංගේශ්වර කියල. ඒ කියන්නේ තාම්බ්‍රලිංග ප්‍රදේශයට අධිපති කියල. දකුණු ඉන්දියාවෙන් ගිහිල්ලා එතැන ශිලාලිපියක් පිහිටුවන එක තේරුමක් තිබෙනවා යැ. ඒ නම චීන ලිපිවලත් තියෙන්නෙ තන්මලිං කියල. තාම්බ්‍රලිප්ති කියලා බෙංගාලයේ තිබුණු නැව්තොටටත් සමහර සිංහල ලිපිවල තියෙනවා තඹලිංගමුව කියල.

සුමනජෝති ස්වාමීන්වහන්සේ දඹදෙණි යුගයේ පුරාවස්තු ගැන කියන එක ගැන, දඹදෙණි යුගය පිළිබඳ සැලකිය යුතු පුරාවස්තු තිබෙන්නේ යාපහුවෙ. එතැන විශාල නගරයක්, කොටුබැම්මක් තියෙනවා, දළදා මාලිගාව පිහිටි තැන ගල්වැඩ තිබෙනවා. යාපහුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු ගණනක සිට වැඩ කළා. ඕනෑ කෙනෙකුට හොඳට බලාගන්නට පුළුවන් විධියට දැන් හරිගස්සල තියෙනවා. ඒ ඇරෙද්දි අනික් කියපු තැන්වල ඒතරම් සැලකිය යුතු දෙයක් ඇතැයි කියල හිතන්න බැහැ.

ගල්කණුවක් දෙකක් නම් ඇති. පොලොව යට මොනව තියෙනවද කියල කවුද දන්නෙ. රත්තරන් තියෙන්න පුළුවන්. මතුපිට තියෙන දේවල් තමයි කියන්නට පුළුවන්. ඔය නැම්බමර, අවට තිබෙන පුරා වස්තු ඔක්කොම දඹදෙණි යුගයට අයිතිය කියල කියන්නට බැහැ. දඹදෙණියේ ප්‍රදේශවල තිබෙන දේවල් කියන්නට පුළුවන්.

දඹදෙණි කිල්ලෝට ද?

දඹදෙණි ප්‍රදේශයත්, යුගයත් දෙකක්. මම දැක්කා පත්‍රයේ තිබුණ මේ ප්‍රදර්ශනයේ කිල්ලෝට වගයක්. දුම්කොළ පෙට්ටියක්. දඹදෙණි කාලයේ පුරා වස්තු හැටියට පෙන්නල, මම හිතන්නේ නැහැ ඒවා දඹදෙණි යුගයෙහි කියල. කොහෙහරි තියෙන්න පුළුවන්. දඹදෙණිය පැත්තේ තිබිල හම්බ උනා කීව පලියට ම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේය කියල කියන්නට බැහැ. ගල්කණුත් ඒවාගේ වෙන්නට පුළුවන්. විජයබාහු පරාක්‍රමබාහු යන රජවරුන්ට ඉස්සර වෙලත් මේ පෙදෙස්වල මිනිස්සු ඉඳල තියෙනවා. ක්‍රිස්තු වර්ෂයට ඉහත කාලෙයි කියන්නට පුළුවන් ශිලාලිපි හම්බවෙලා තියෙනවා. ඒවා ලැයිස්තුවල තියෙනවා.

දඹදෙණි පුරාවස්තු ගැන සලකන විට විශේෂයෙන් සඳහන් කළ යුතු දෙපොළක් තියෙනවා බෙලිගල ගලින් තනාපු බෝකොටුවක් තියෙනවා. සඳකඩ පහණක් ආදියත් තියෙනවා. අනික් ස්ථානය යාපහුව. කවුරුත් ගොහින් ඇති යාපහුවට. කාටවත් ඔක්කොම තැන්වලට යන්නට පුළුවන්කමක් නැහැ. නොගිය තැන් බොහොම ඇති. එහෙම තැනක් තිබෙනවා නම් ආණ්ඩුවට දැන්වූවාම ඒ සම්බන්ධ කටයුතු භාර මුලාදෑනි ක්‍රියා කරනවා ඇති කියල මට හිතෙනව.

මට ප්‍රශ්නයකට උත්තර දෙන්ට බැරි උනා. දඹදෙණි යුගය කියන්නේ මොකක්ද කියන එක කියන්නට. “කලියුගය” වගේ එකක්ද කියල වෙන්න ඇති අහන්නේ. වැඩි කාලයක් තිබුණේ නැහැ දඹදෙණියේ රජවරු හිටපු කාලය. මාඝ රජ්ජුරුවෝ පොලොන්නරුව අල්ලා ගත්තේ 1215 අවුරුද්දෙ. 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සිංහාසනයට ආවෙ 1236.

තිස්පස් අවුරුද්දයි රජකළේ. විජයබාහු රජ්ජුරුවන් 4 අවුරුද්දයි රජ කළේ. බෝසත් විජයබාර් රජ්ජුරුවන්ට අවුරුදු දෙකක්වත් රජකරන්නට බැරිවුනා. එතකොට ඔක්කොම 41යි. බුවනෙකබාහු රජ්ජුරුවෝ මෙහෙ රාජ්‍යයට ඇවිත් දඹදෙනියේ ටිකක් කල් ඉඳල යාපහුවට ගියා කියල තියෙනවා. රාජ්‍ය කාලය කොච්චරද කියල සඳහන් වෙලා නැහැ. කුරුණෑගල රාජධානිය තිබෙන කාලයේ මේ නගරයත් රාජධානියක් හැටියට තිබුණා.

අත්දැකීම් හුවමාරුකර ගැනීමේ කලාවක්



රිවර්තනයක් යනු කිසියම් සාහිත්‍යයක් භාෂාවකින් තවත් භාෂාවකට පෙරළීමයි. සාහිත්‍යය භාෂා පරිවර්තනයේදී එහි අන්තර්ගත වන සමාජ දෘෂ්ටිය සලකා බැලීම වැදගත් ය. සමාජ දෘෂ්ටියක් නොමැති සාහිත්‍යයක් එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට පරිහරණය කිරීමට ඉඩ සැලැසීම සඳහා වෙහෙස දැරීම නිශ්ඵල කටයුත්තකි.

එමෙන්ම භාෂා පරිවර්තකයකු පරිවර්තනයක් කිරීමේදී තමා තෝරා ගන්නා මූලාශ්‍රය කෘතිය සමාජ දෘෂ්ටියක් සහිතව පවතින්නේ ද යන්න විමසා බැලිය යුතු ය. සමාජ දෘෂ්ටියක් සහිත සාහිත්‍ය නිර්මාණ සමාජයේ යම් වෙනස්කම් කිරීමට දායකත්වය ලබා දීමට සමත් ය. එමෙන්ම සමාජයේ යම් වෙනස්කම් පාදක කර ගනිමින් ඒ ඇසුරේ බිහි කෙරුණු සාහිත්‍ය නිර්මාණ ද බෙහෙවින් ජන ප්‍රසාදයට පාදක වූ බව පෙනේ.

උදාහරණයක් ලෙස කාර්මික විප්ලවය හේතුවෙන් භෞතිකව වෙනස් වූ සමාජය බිහි කළ සාහිත්‍ය නිර්මාණ හඳුනා ගත හැකි ය. කාර්මික විප්ලවයෙන් පසු යුරෝපා සමාජය සියල්ල දෙස භෞතිකවාදී පදනමකින් බැලීම ඇරැඹීය. ඒ සමග සාහිත්‍යකරුවා ද වෙනස් වූයේ ය.

ඔවුහු එතෙක් පැවැති වර්ණනාත්මක සාහිත්‍යය බැහැර කර යථාර්ථය නිරූපණය කරන නිර්මාණ බිහි කිරීම ඇරැඹූහ. චාල්ස් ඩිකන්ස් ඒ සඳහා අගනා උදාහරණයකි. ඔහු තම නිර්මාණ මගින් ගරාවැටුණු නාගරික සංස්කෘතියේ මිනිස් ජීවිත ගැන කථා කළේ ය. වෝල්ටර් ඇලන් නම් විචාරකයා පවසන්නේ චාල්ස් ඩිකන්ස් එංගලන්ත සමාජය කැඩපතක් ලෙස භාවිත කරමින් පාලකයාට ප්‍රතිසංස්කරණ ගෙන එන්නට තම නිර්මාණ මඟින් බලපෑම් කළ බවයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මිනිසා උත්පත්තියෙන්ම දුෂ්ට ගති සහිත සත්වයෙක් ය යන මතය ඉස්මතු විය. මෙම මතවාදය බොහෝ සාහිත්‍යකරුවන්ගේ නිර්මාණවලට ප්‍රබල බලපෑම් කිරීමට සමත් විය. ඒ මතවාදය ඔස්සේ බිහිවූ සිනමාපට, ප්‍රබන්ධ, මෙන්ම චිත්‍ර, මූර්ති සහ කාව්‍ය නිර්මාණ ද බොහෝ ය.

රුසියානු සාහිත්‍යකරුවෝ යුද්ධයට, රටවල් ආක්‍රමණයට මෙන්ම මිනිසුන්ගේ ශ්‍රමය සූරා කෑමට ද එරෙහිව නිර්මාණ බිහි කළහ.

මෙලෙස ලොව කලින් කල බිහිවූ විවිධ සාහිත්‍ය ප්‍රවණතා හඳුනාගත හැකිය. එහෙත් භාෂා සහ සංස්කෘතික විවිධත්වය නිසා මිනිසාට පොදුවේ එක්ව මෙම නිර්මාණ රස විඳීමේ වාසනාව අහිමි ය.

භාෂා පරිවර්තනය ඉදිරිපත් වී මකා දමන්නේ මෙලෙස ඇති වූ හිදැස ය. තවත් ලෙසකින් මෙය සාහිත්‍යය පරිවර්තනය යන එක් රටක ජනතාව අත්විඳි අත්දැකීම් තවත් රටක ජනතාවට අත්විඳීමට සැලැස්වීම යනුවෙන් හඳුන්වා ගත හැකි ය. සාහිත්‍යකරුවාට සමාජය රැවටීමේ හැකියාව ද තිබේ. නිරුවත් වානරයා නම් වන ප්‍රසිද්ධ කෘතිය සම්පාදනය කිරීමෙන් ඩෙස්මන්ඩ් මොරිස් උත්සාහ දැරුවේ මිනිස් වර්ගයා ස්වභාවයෙන්ම කලහකාරී සත්ත්වයෙක් බව ඔප්පු කර පෙන්වීමටය.

බටහිර ලෝකය පුරා ඔහුගේ මතවාදයට පදනමක් වැටෙමින් තිබුණි. ඇමරිකාව වියට්නාමය ආක්‍රමණය කරන්නේ මේ යුගයේදීය. ලෝකය පුරා ප්‍රචලිත වෙමින් තිබු ඩෙස්මන්ඩ් මොරිස් ගේ මතවාදය ඇමරිකාවට තම ක්‍රියාව සාධාරණීකරණය කර ගැනීමෙහි ලා අවාසියක් විය. එබැවින් ඇමරිකාව මිනිසාගේ යහගුණ මතුකර පෙන්වා දෙන සාහිත්‍යයක් වර්ධනය කිරීමට අත හිත දුන්නේ ය.

නොබෙල් ත්‍යාගයට 1949 වසරේදී හිමිකම් කී විලියම් ෆෝක්නර් ඒ අවස්ථාවේදී උත්සව සභාව අමතමින් මෙසේ කීවේ ය.

“මිනිසාගේ කෙළවර ළඟා වී ඇත. එය පිළිගැනීමට මා ලෑස්ති නැත. මේ සියල්ල විඳ දරා ගැනීමට මිනිසාට ආත්ම ශක්තිය තිබිය යුතුය. ලේඛකයාගේ යුතුකම වාර්තා කිරීම පමණක් නොවේ. ඔහු මිනිසාගේ ජීවිතයේ පැවැත්මට ද උපකාරී විය යුතුය. අතීතයේ සිදු වී ඇත්තේ ද එයයි.”

මෙවන් වූ අගයන් සහිත සාහිත්‍යයක් ජාති, ආගම්, භාෂා, සංස්කෘතික භේදයන්ට කොටු නොවී සමස්ත මිනිස් වර්ගයා අතරම පැතිරේ නම් එය හේතු වන්නේ මිනිස් වර්ගයාගේම යහපතට ය.

ලෝක සාහිත්‍යය වර්ගීකරණයන් අතුරෙන් යුද සාහිත්‍යයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එමෙන්ම යුද සාහිත්‍යයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ද හිමි වේ. උදාහරණයක් ලෙස හෝමර් නම් ගී‍්‍රක මහා කවියා විසින් රචනා කරනු ලැබු ඉලියඩ් සහ ඔඩිසි මහා කාව්‍යයත් දැක්විය හැකි ය. යුද්ධය අත්දැකීම් කර ගත් නිර්මාණ පසුකාලීනව වැඩි වශයෙන් එළි දැක්වෙන්නට විය.

යුද්ධය සුලබ වීම ඊට හේතු පාදක වූවාට සැක නැත. ශ්‍රී ලංකාවේ ඓතිහාසික සාහිත්‍යය නිර්මාණ කොතෙක් පැවැතිය ද යුද සාහිත්‍යයක් පැවැති බවට අවශ්‍ය තරම් උදාහරණ හමුවන්නේ නැත. ථූපවංශයේ දස මහා යෝධයන් ගැන සඳහන් වුවද එය ප්‍රමාණවත් යුද සාහිත්‍යයක් ලෙස හුවා දැක්විය නොහැකිය. ලංකාවට සාපේක්ෂව ලෝකයේ සෙසු බොහෝ රටවල යුද සාහිත්‍යය වර්ධනය විය. ජපානය ඒ සඳහා හොඳම උදාහරණයකි.

ජපානය ලෝක ඉතිහාසයේ ආක්‍රමණ රැසකටම මුහුණ දුන් රටකි. ඒ හේතුවෙන් ඔවුන්ගේ රට රැක ගැනීමට සාම්ප්‍රදායක් ලෙස ආරක්ෂක හමුදාවක් පවත්වා ගැනීම අවශ්‍ය විය. ඒ අවශ්‍යතාව මත බිහි වූ හමුදාව සමුරායිවරුන් ලෙස හඳුන්වනු ලැබීය. පාලන තන්ත්‍රය ඔවුන් අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පාදනය කළ අතර ඔවුහු පූර්ණ කාලීනව රට රැක ගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටියහ. යුරෝපා රටවල ජනයා නවීන අවි ආයුධත් සමඟ යටත් විජිත බිහිකර ගැනීම ආරම්භ වූ පසු සමුරායිවරු ඔවුන්ට සැබෑ තර්ජනයක් වූහ.

එවිට යුරෝපීයයෝ තම නූතන අවි ආයුධවල බලය පෙන්වමින් සමුරායිවරු හෙළා දැකීම, පහත් කොට සැලකීම ආරම්භ කළහ. නවීන අවි ආයුධ හමුවේ සමුරායිවරු පරාජය වන බව ඔවුහු අපහාසාත්මක ලෙස පෙන්වා දෙන්නට වූහ. මේ මතයට එරෙහිව ජපාන සාහිත්‍යකරුවෝ නැගී සිටියහ. ඔවුහු සමුරායිවරු ගැන ප්‍රබන්ධ කථා නිර්මාණය කළහ. ඔවුන්ගේ වීරත්වය ප්‍රකාශ කෙරෙන අතීත කථා එකතු කර සමාජයට ඉදිරිපත් කළහ. මේ ක්‍රියා හේතුවෙන් අවසානයේ ජපානයේ විශිෂ්ට යුද සාහිත්‍යයක් බිහි විය. යුජි යොෂිකාවා ගේ සමුරායි රණබිම නම් වන නවකථාව ඒ සඳහා මනා උදාහරණයක් වේ.

ලෝක යුද සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස චීන යුද සෙනෙවියකු වූ සත් ත් සු විසින් රචනා කරනු ලැබූ යුධ කලාව කෘතිය හඳුන්වා දිය හැකිය. ඔහු තම සාහිත්‍යය කෘතිය බිහි කිරීමේ අරමුණ ලෙස පාදක කර ගත්තේ චීනය ආරක්ෂා කිරීමයි. ඔහු තම කෘතිය මඟින් රජුට උපදෙස් දුන්නේ එහි සඳහන් වන පරිදි ක්‍රියා කර චීනය බේරා ගැනීමට හෝ නැතහොත් විනාශ වී යාමට ය.

රජු සත් ත් සු ගේ උපදෙස් පිළිගෙන යුද කලාව ග්‍රන්ථයේ සඳහන් පරිදි ක්‍රියා කොට චීනය ආරක්ෂා කර ගත්තේය. එපමණක් ද නොව වර්තමානයේ දී ද චීනය සහ ජපානය ඇතුළු බොහෝ රටවල් සත් ත් සු ගේ නියාම ධර්මයන්ට අනුව ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ දී යුද කලාව ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය වී තිබේ.

සැබැවින් ම මෙම යුද කලාව ග්‍රන්ථය යුද්ධයේදී පමණක් නොව නූතන අලෙවිකරණයේදී ද බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව හඳුනාගෙන තිබේ. යුද්ධයේදී මෙන්ම අලෙවිකරණයේදීත් තම අභිප්‍රායන් කරා සාර්ථකව ළඟා වීමට සත් ත් සු යුද සෙනෙවියාගේ උපදෙස් සාර්ථක ලෙස යොදා ගත හැකි ය.

මුල් කෘතියේ සුවඳ දැනෙන්න ඕනෑ

මුල් කෘතියේ සුවඳ දැනෙන්න ඕනෑ

බොබී ජී. බොතේජු

පරිවර්තන ක්‍රියාවලිය ඔබ හඳුන්වන්නේ කිනම් අයුරකින්ද?

පරිවර්තනයක් යනු එක් භාෂාවකින් තවත් භාෂාවකට යම් කෘතියක් පරිවර්තනය කරන සංකීර්ණ ක්‍රියාවලියක්. නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම වඩා වෙනස්.

එහිදී පරිවර්තකයා භාෂා දෙක පමණක් හොඳින් දැන සිටීමට ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා මුල් කෘතියේ භාෂාවත් යෙදුම් රටා පිළිබඳව අවබෝධයත් මෙන් ම මුල් කෘතියේ ඇති සමාජය පිළිබඳ යම් ප්‍රමාණයක දැනීමකුත් අවශ්‍ය වෙනවා.

තමා පරිවර්තනය කරන භාෂාව පිළිබඳවත් හොඳ දැනීමක් තිබිය යුතුයි. ඒ භාෂාවේ උඩින් හඟවන අර්ථයට වඩා යටින් හඟවන අර්ථය ද වටහා ගත යුතුයි. උදාහරණයක් වශයෙන් “මං උඹට හොඳ පාඩමක් උගන්වනවා” යන්න කිවහොත් එහි යටි අරුත වන්නේ උඩින් පැවසෙන අරුතට වඩා වෙන එකක්. එවැනි යෙදුම් වටහා නොගෙන කරන පරිවර්තන සාර්ථක වන්නේ නැහැ. ශබ්දකෝෂය බලාගෙන වචනයෙන් වචනය කරන පරිවර්තනය අසාර්ථකයි.

මුලින් ම පරිවර්තකයා මුල් කෘතිය කියවා රසවිඳ ආස්වාදයක් ලබා ගැනීම වඩා වැදගත්. ඊළඟට ඔහු කළ යුත්තේ තමා ලද ඒ ආස්වාදය දෙවෙනි භාෂාවෙන් එය කියවන පාඨකයාට ලබාදීමයි. මුල් කෘතිය කියවා තමා ලද ආස්වාදය පාඨකයාටත් දැනෙනවා නම් ඒ කෘතිය සාර්ථකයි. එය නීරස වුවහොත් අසාර්ථක වෙනවා.

විශේෂයෙන් ම ඉංග්‍රීසියෙන් දිග වැකි සහිත පාඨ සිංහලෙන් ලියද්දී පරිස්සම් විය යුතුයි. මෑතකදී ලියැවුණු සමහර පශ්චාත් නූතනවාදී කෘති කීපයක් මා කියැවූවා. ඒවායේ ඉංග්‍රීසි කෘතිය ආසාවෙන් කියැවිය හැකි වුවත් සිංහල කෘතිය නීරසයි. හරියට අණ්ඩර දෙමළ වගේ මෙයින් මුල් කෘතියට වන්නේ විශාල හානියක්. මුල් භාෂාවේ නියම අදහස සිංහලයට පරිවර්තනය කළ නොහැකි නම් එවැනි පරිවර්තකයින් අසාර්ථකයි.

ඔබ හිතන හැටියට ග්‍රන්ථ පරිවර්තකයෙකුගේ වගකීම් හා යුතුකම් මොනවාද?

මලක් වීදුරු භාජනයක දමා තිබුණොත් අපට එය ස්පර්ශකර සුවඳ විඳින්නට හෝ මෙලෙක බලන්නට බැහැ. පරිවර්තනයක් කරන අයෙකුගේ යුතුකම වන්නේ මුල් කෘතියේ සුවඳ ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමයි.

ඒ වගේ ම පරිවර්තනය සඳහා හොඳ කෘතීන් තෝරා ගැනීමත් පරිවර්තකයෙකුගේ යුතුකමත් මෙන් ම වගකීමක්. සමහරු ‘ටිං ටිං’ ඒ වගේ ම ‘හැරී පොටර්’ වැනි කතා පවා සිංහලට පරිවර්තනය කරනවා. ඒවා සුලබ ළමා කතා. ළමයින් සඳහා ඉතා ලිහිල් බසින් ලියූ ඒ කෘතීන් ඉංග්‍රීසි බසින් ම ළමයින්ට කියවන්නට දීම යහපත්.

ඒ නිසා පරිවර්තනය සඳහා හොඳ සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් මෙන් ම සමාජයට රටට සදාචාරයට උචිත කෘති තෝරාගත යුතුයි. ඒවා අපේ රටේ සදාචාරයට ගැළපීම ගැන සිතා බැලිය යුතුයි. ඇමෙරිකාවේ පවා මෙන් ම බොහෝ රටවල සම්භාව්‍ය කෘතීන්වල සාරධර්ම ගැබ් වී තිබෙනවා. බොහෝ දෙනා දැන් පරිවර්තන සඳහා කෘතීන් තෝරා ගත්තේ ඒවායේ ජනප්‍රිය බව හා වෙළෙඳපොළ අගය ගැන සිතා බලා පමණයි.

පාඨකයාගේ රසාස්වාදනය දියුණු කරන හොඳ කෘති තෝරා ගැනීම හොඳ පරිවර්තකයෙකුගේ යුතුකමක්. එසේ නැතිව බාල ගණයේ පොත් පරිවර්තනය කිරීම ඔහුගේ ශ්‍රමය අපතේ යැවීමක් කියා මා සිතනවා.

පාඨක රුචිය හා බුද්ධිය වර්ධනය කිරීමට පරිවර්තකයෙකුගෙන් ලැබෙන දායකත්වය කුමක්ද?

පරිවර්තකයෙකුට හොඳ කලාත්මක මෙන් ම ආවේණික බස් වහරකින් තම පරිවර්තනය කළ හැකි නම් පාඨක රුචිය වර්ධනය කළ හැකියි. බලන්න සිරිල් සී පෙරේරා ශූරීන්ගේ පරිවර්තන. ඔහු මුල් කෘතියේ අන්තර්ගතය ඉතා සුමට බස් වහරකින් සිංහලයට ලියනවා. ඒවා කියවන්නට ආසයි. ඔහු විතරක් නොවෙයි තවත් එවැනි පරිවර්තකයන් කීප දෙනෙකුම ඉන්නවා. කෘතියක් අමු අමුවේ වචනයෙන් වචනය පරිවර්තනය කරනවා නම් එය නීරසයි.

කඨොර බසකින් තොරව කලාත්මක අයුරින් සිංහලයට ගැළපෙන අයුරින් ලියනවා නම් ඒ පරිවර්තකයා ගෙන් පාඨක රුචිය වර්ධනය වන කෘතීන් බිහිවෙනවා. මට මතකයි මට ප්‍රකාශකයෙකු ගෙන් සමීක්ෂණයට ආ කෘතියක තිබුණු වැකියක් “ඔහු උළුවස්සෙන් පැන ගෙට ඇතුළු වූ’ බවත් එහි ලියා තිබුණා. එය එළිපත්ත පැන ඇතුළු වූ ලෙස ලිවිය යුතුයි. ඒ ලේඛකයාට සාමාන්‍ය බුද්ධියවත් නොතිබුණා සේ මට හිතෙනවා.

භාෂා පරිවර්තනයේ ආරම්භය ගැනත් එහි අවශ්‍යතාවය ගැනත් ඔබ දකින්නේ කෙසේ ද?

භාෂා පරිවර්තනයත් සංස්කෘතිය තරමට ම පැරණිය. සංස්කෘතීන් දෙකක් අතර සන්නිවේදනයක් ඇතිවීමට භාෂාමය ඥානය හා පරිවර්තනය අවශ්‍යයි. සංස්කෘතීන් ගේ වර්ධනයත් සමඟම භාෂා පරිවර්තනයේ අවශ්‍යතාව මිනිසාට දැනුණා. මිනිසුන්ට මෙන් ම සංස්කෘතීන්ට ද හුදකලා වීමට අපහසුයි.

එක් සාහිත්‍යයක සංස්කෘතික භාණ්ඩාගාරය භාෂා පරිවර්තනය තුළින් තවත් ජාතියක වර්ධනය උදෙසා උපයෝගී කරගත හැකියි. එමගින් සමාජමය ප්‍රගමනයට සිදුවන බලපෑම වර්ධනය වෙයි. පරිවර්තකයන්ගේ වෑයම හා දක්ෂතාවය තුළින් බොහෝ පොතපත එක් භාෂාවක සිට තවත් භාෂාවකට පරිවර්තනය කෙරෙනවා. අනතුරුව එය තව තවත් භාෂාවන්ට පරිවර්තනය වීමෙන් ලෝකයේ බොහෝ දෙනෙකුට අන්‍යොන්‍ය අවබෝධය ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.

පාවෙල් ටොපර් (Pavel Toper) නම් විචාරකයා ඒ ගැන මෙසේ පවසනවා.

“නිර්මාණ කෘතියක් පරිවර්තනය කිරීම ද ඉහළ මට්ටමේ නිර්මාණ කාර්යයක්. ඒ පරිවර්තනය නම් වූ නිර්මාණ කාර්යය කරන තැනැත්තා ද නිර්මාණ ලේඛකයෙකි. නිර්මාණය කරන ලේඛකයාත් එය තවත් බසකට පෙරළන පරිවර්තකයාත් එක හා සමානයි. පාඨකයා වෙනුවෙන් මුල් කෘතියේ සංස්කෘතිය හැඩ ගැස්වීමට පරිවර්තකයා වැදගත් මෙහෙයක් ඉටු කරයි. එහෙත් මුල් කෘතිය ලියන ලේඛකයාට ලැබෙන කීර්තිය හෝ සැලකීම පරිවර්තකයාට නොලැබෙයි.”

එය ඇත්තක්. සම්භාව්‍ය කෘතියෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී මුල් ලේඛකයාට ලැබෙන සැලකීම හා කීර්තිය පරිවර්තකයාට ලැබෙන්නේ නැහැ. එහෙත් විය යුත්තේ පරිවර්තකයාටත් මුල් ලේඛකයාට මෙන් සැලකීමක් දැක්වීමයි. හේතුව පරිවර්තකයා ඒ කෘතිය වෙනත් භාෂාවකින් පළ කිරීමේ වාහකයා වන නිසා. ලෝක සාහිත්‍යය රටරටවල පතළ වී පුළුල් වන්නෙත් පරිවර්තකයා නිසයි.

පරිවර්තන කාර්යය නිසා ලෝක සාහිත්‍යය පෝෂණය වෙනවා විතරක් නොවෙයි දැනුම ද දියුණුවෙනවා. තවත් විචාරකයෙකු 1851 දී කී පරිදි පරිවර්තකයා අන් අයගේ කෘති පරිවර්තනය කරමින් තමන්ගේ කුසලතාවය නාස්ති කරගත්තෙක්. වෙනත් වචනවලින් ඔහු පරිවර්තකයා හඳුන්වා දෙන්නේ ලේ දන් දෙන්නෙකු හැටියටයි. ඔහු පරිවර්තනය තුළින් මුල් කර්තෘට ලේ දන්දෙයි.

පුෂ්කින්ගේ කවි පරිවර්තනය කළ නොහැකි යැයි බොහෝ දෙනා එකල මත පළ කළා. එහෙත් ‘මරියා පෙට්යෙට්වා’ පවසන්නේ මෙසේ ය. “පුෂ්කින්ගේ කවි නිර්මාණ පරිවර්තනය කළ නොහැක්කේ ඇයි. ඒ කවි ලියා ඇත්තේ විශ්ව භාෂාවෙනි. එම නිසා ඒවා පරිවර්තනය කිරීමට හැකි විය යුතු ය.”

දක්ෂ පරිවර්තකයකුට ඕනෑම කෘතියක් තවත් භාෂාවට පරිවර්තනය කළ හැකියි. ඒ නිසා මා මුලින් කීවාක් මෙන් භාෂා දෙකේ ම මෙන් ම සංස්කෘතින් දෙකේ ම ස්පර්ශය ඔහුට හොඳින් තිබිය යුතුයි. මගේ මතයේ හැටියට පරිවර්තකයින් බාල මට්ටමේ කෘති පරිවර්තනයෙන් වැළකිය යුතු ය.

http://www.silumina.lk/punkalasa/20090920/_art.asp?fn=ar09092019

මිනිසාගේ හෘදය සාක්ෂිය සෝවියට් සාහිත්‍යය

මිනිසාගේ හෘදය සාක්ෂිය සෝවියට් සාහිත්‍යය


සුප්‍රකට කිර්ගිස් ජාතික චින්ගිස් අයිත්මාතෝවිගේ ‘The Early Cranes’ නමැති කෘතියේ සිංහල අනුවාදනය වන ‘වේලාසන කොක්කු ඇවිත්’ (ඩබ්ලියු.ඒ.අබේසිංහ) කෘතියෙන් උපුටා ගැණිනි.

මිනිස් වර්ගයාගේ සාමූහික ප්‍රඥාව, උතුම් ගුණ සම්පත්තිය, අපූර්ව ප්‍රතිභා මහිමය, අකුරකට ඇලපිල්ලකට ස්වරයකට රටාවකට රිද්මයකට හෝ වදනකට නැඟීම තරම් අරුමයක් ලොවෙහි තිබිය හැක්කේද? නනරුත් රටා මවමින් එසේ නිම වනුයේ, මිනිස් වර්ගයා විසින් අනන්ත කාලයක් මුළුල්ලේ සාමූහිකව එක් රැස් කරන ලද අධ්‍යාත්ම ධනයයි. මේ අමිල වූ අසම සම වූ අරුම පුදුම ආශ්චර්යයට අපි සාහිත්‍යය යැයි කියමු.

සාහිත්‍යය යනු සහිත බව ය. හෙවත් පිරුණු බව ය. පිරෙන්නේ කුමකින්ද? පිරෙන්නේ මිනිස් වගෙහි නැණ ගුණෙනි. ගුණ නැණෙනි. හෙවත් මිනිස්බවෙනි. මිනිස්කම පිරුණු, මිනිසුන්ට අයිති ඒ උතුම් ධනය සාහිත්‍යය නම් වෙයි.

වත්මනෙහි ඒ උතුම් සාහිත්‍යයෙහි පැතිකඩක් ඔබ දකිනු රිසිද? එසේ නම් ඔබ කළ යුත්තේ, දැනට වයස අවුරුදු හැත්තෑතුනක් වන සෝවියට් සාහිත්‍යය දෙස බැලීම ය. සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ජනිත ව දිගු පුළුලින් හා ගැඹුරින් මහා නදී ප්‍රවාහයක් සේ අනාගතය වෙත ගලා එන සෝවියට් සාහිත්‍යය නමැති ආශ්චර්යය, දැන් ලොව හමුවෙහි ප්‍රාදුර්භූතව පවතියි. විප්ලවපූර්ව රුසියාව විසින් යම් සේ පුෂ්කින්, ගොගොල්, දස්තයෙව්ස්කි, තොල්ස්තෝයි, චෙකෝව්, කුප්රින්, තුර්ග්නිප්, බුනින්, ගොන්චාරොව්, ලමන්තෝව්, ගෝර්කි වැනි ලේඛකයින් බිහි කරන ලද ද, අපරවිප්ලවීය සෝවියට් දේශය විසින් ෂොලහෝව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්‍රොව්ස්කි, බන්දාරෝව්, අයිත්මාතෝව්, තිකනෝව්, සිමනොව්, ග්‍රැනින්, ගම්සාතෝව්, රස්පුටින්, රිටිකියු, යෙව්ටුෂෙන්කෝ, අඛ්මදුලිනා, මායා ගැනීනා වැනි ලේඛකයින් හා ලේඛිකාවන් බිහිකර ඇත්තේ ය.

එදා ඒ ලේඛකයෝ රුසියානු සමාජය පිළිබඳ ඇත්ත සිය කෘතීන් මඟින් ස්වකීය ජනතාවට කීහ. අද මේ ලේඛකයෝ සෝවියට් සමාජය පිළිබඳ ඇත්ත මුළු මහත් ලොවටම හඬගා කියති.

එතෙකුදු, මේ ඇත්තෙහි වෙනසක් ඇත. එදා කී ඇත්ත හෙවත් ලේඛකයින් දුටු සත්‍යය, සමාජ යථාර්ථයයි. අද කියන ඇත්ත හෙවත් ලේඛකයින් දකින සත්‍යය සමාජවාදී යථාර්ථයයි.

ඒ වූකලී, මිනිස් ඉතිහාසයේ තීරණාත්මක යුග දෙකක්, සාහිත්‍යය නමැති කැඩපතෙහි දර්ශනය වන සැටි ය. එහෙත් පුෂ්කින්ගෙන් ආරම්භ වන නව සාහිත්‍ය සම්ප්‍රදාය විප්ලවය අතරින් ද ඉදිරියට ගලාවිත් එකම රන්හුයෙකින් මෙන්, අද ජීවත් වන නවක සෝවියට් ලේඛකයා ද එක් කරයි. රුසියානු සාහිත්‍යය සෝවියට් සාහිත්‍යයක් බවට පැමිණ, යුග දෙක අතරින් ඉදිරියට ගලා යන්නේ එපරිද්දෙනි.

ගැමි ජනකායක් වූ රුසියානු ජනකායගේ සාමූහික ධී ශක්තිය, බෝල්ෂේවික් විප්ලවය විසින් මහා නිර්මාණ ප්‍රවාහයක් බවට පත් කරන ලද්දේ ය. රුසියානු සාහිත්‍යයක්ව තිබුණු ඔවුන්ගේ සාහිත්‍යය විප්ලවය විසින් මහා පරිමාණයේ සෝවියට් සාහිත්‍යයක් බවට පත් කරන ලද්දේ ය.

විප්ලවයෙන් බිහිව අවුරුදු හැත්තෑතුනක් තුළ අතු ඉතිලා වැඩුණු සෝවියට් සාහිත්‍යයේ විතර කියන්නට තබා හඳුන්වන්නටවත් මෙවැනි කෙටි නිබන්ධයකින් බැරි ය. එබැවින් මෙහිලා මවිසින් කළ හැක්කේ සෝවියට් සාහිත්‍යය නමැති මේ මහා ආශ්චර්ය පිළිබඳ ඉඟිකිරීම් කිහිපයක් කිරීම පමණි.

සාහිත්‍යය, කලාව ඇතුළු ජනතාවගේ සංස්කෘතිය විෂයයෙහි ද ජනතාවගේ සියලුම බුද්ධිවිෂයක කාර්යයන්හි දීද, සෝවියට් විප්ලවය විසින් තබන ලද තිරසර සටහන කිමෙක්ද? ඒ කාර්යයෙහිලා විප්ලවය විසින් ඉටු කරන ලද හා තවමත් ඉටු කරමින් පවත්නා මෙහෙය කිමෙක්ද? මෙද වනාහී නිදසුන් කිහිපයක් මඟින්ම වටහාගත යුතු කාරණයෙකි.

අපි මෙහෙම බලමු. එදා ඔබ කිර්ගීසියාව ගැන ඇසුවේ ලොව ලොකුම තණ බිමක අසුන්පිට නැඟී බැටළුවන් දැක්කූ ගොපල්ලන්ගේ රටක් හැටියට ය. එහෙත් අද ඔබ කිර්ගීසියාව හඳුන්වන්නේ, මෙසෙමයෙහි ලොවෙහි ජනප්‍රියතම අග්‍රගණ්‍ය සෝවියට් ලේඛකයා ජීවත්වන දේශය හැටියට ය. අසහාය ලේඛක චින්ගීස් අයිත්මාතෝව්ගේ නිජබිම හැටියටය.

1917 දී, බෝල්ෂේවික් විප්ලවය සිදු වන විට, මෙම කිර්ගීසියාවට සාහිත්‍යයක් තබා හෝඩියක්වත් තිබුණේ නැත. වසර සිය දහස් ගණනක් පෑගී සිටි මෙම ගොපලු දරුවනට හෝඩි පොතක් දෙන ලද්දේ, සෝවියට් විප්ලවය විසිනි. විප්ලවය සිදු වන විට, හෝඩියක් නොතිබුණු කිර්ගීසියාවට අද සාහිත්‍යයක් ඇත. ලොවෙහි උසස්ම මානව හිතවාදී සාහිත්‍යයක් ඇත. මුළු මහත් ශිෂ්ට සම්පන්න ලොව ම හිස නමා ආචාර කරන චින්ගීස් අයිත්මාතෝව් නමැති මහා ලේඛකයා ඔවුන්ගේ ය.

විප්ලවය, සෝවියට් දේශයේ සංස්කෘතියටත් බුද්ධිසම්පන්නභාවයටත් කළ මෙහෙයේ එක් පැතිකඩක් හඳුනාගත හැකි එක් නිදසුනක් එසේය.

අපි තවත් විදියකට බලමු. සෝවියට් දේශයේ වෙසෙන ජනතාව අතරට අලුත් මිනිසකු ගෙනෙන ලද්දේ, විප්ලවය විසිනි. ඒ මිනිසා නව යුගයේ සියලු, අභියෝගයන්ට මුහුණ දිය හැකි, නව යුගයේ සියලු බලාපොරොත්තු මූර්තිමත් කරන අනන්ත ජීව භක්තියකින් හෙබි වීරයෙක් විය.

මේ වීරයා සෝවියට් සාහිත්‍යයේ හැම තැනකදීම නිරන්තරයෙන්ම මුණගැසෙයි. නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ පාවෙල් කොචාගින්, මිහායිල් ෂොලහෝව්ගේ ග්‍රිගෝරි පැන්ටලියේවිච්, චින්ගීස් අයිත්මාතෝව්ගේ දුයිෂෙන් ඇතුළු මේ සෝවියට් වීරයා අපට හැම තැනකදීම මුණ ගැසෙයි. වර්තමාන යුගයේ සෝවියට් සාහිත්‍යය පිළිබඳ කතාන්තරය නම්, නව මිනිසකු බවට පත් ව සිටින එකී වීරයාගේ ආස්වාදකර කතාන්තරයයි.

මීට පනස්හය වසරකට පෙර, එනම්: 1934 අගෝස්තු 17 වැනි දින, සෝවියට් ලේඛක සංගමයේ මංගල සැසි වාරය අමතමින්, සෙසු කාරණා අතර, මක්සිම් ගෝර්කි මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.

”නුදුරු අනාගතයේදී ම අතිදක්ෂ ලේඛකයින් එක්දාස් පන්සීයක් විතර බිහිවේය කියල අප බලාපොරොත්තු විය යුතු නැහැ. නමුත් අපගේ සංගමය හේතුකොටගෙන, එවැනි දක්ෂ ලේඛකයින් පනහක් බිහිවේය කියල අපි හිතමු. මේ පනස් දෙනාගෙන් අසමාන ධී ශක්තිය තියෙන පස් දෙනෙක් හිටීවි කියල අපි හිතමු. ඉතිරි හතළිස්පස්දෙනා දක්ෂ ලේඛකයින් වුණහම හොඳට ම ඇති....”

එක්දාස්නවසිය තිස්හතරේදී ගෝර්කි කීවේ එසේ ය. අද සෝවියට් දේශයේ වෙසෙන ලේඛකයින්ගේ සංඛ්‍යාව අටදහස ඉක්මවයි. අද ලොවෙහි බිහි වන පොත් පහකින් එකක්, සෝවියට් පොතකි. ඒවායින් ප්‍රමාණාත්මක සංඛ්‍යාවක් සාහිත්‍ය කෘතීන් ය. මේ නිදසුන්වලින් අප වටහාගන්නා ආශ්චර්යය කිමෙක්ද?

අද සෝවියට් දේශයට වීර ගුණැති නව මිනිසකු මෙන්ම, ධීර ගුණැති නව ලේඛකයකු ද බිහිව සිටින බව ය.

මේ ලේඛකයාගේ ලෝක දෘෂ්ටිය කිමෙක්ද? එද, කුඩා නිදසුන් දෙකක් මඟින් හඳුනාගැනීම පහසු වෙතැයි මම සිතමි. ඩේවිඩ් කුගුල්තිනෝව් නමැති සෝවියට් ලේඛකයා, සාහිත්‍යය දකින්නේ මෙසේ ය.

”සාහිත්‍යය යනු මිනිස් වර්ගයාගේ හෘදයසාක්ෂ්‍යයයි.”

තමන්ට හෘදයසාක්ෂියක් ඇති බැව් සෝවියට් දගෙස්තානයේ ජීවත්වන ශ්‍රේෂ්ටතම සෝවියට් කවියා වන, රසූල් ගම්සාතෝව් කියන්නේ මෙසේ ය.

”ඈත පොරණේ මී මුතුන්නේ

නෙත් පහන් සේ දිලී බබළන

තාරකාවෙනි, ගුවන් හිස සිට

මගේ කවි දෙස එබී බලනා

”රැයේ මැදියම ඉසිඹුලන සඳ

ඇසේ උන් මට කියන මේ බස

යුද සමය බිළිගත් ඔවුන්ගේ

හදේ යුක්තිය වනුය මමිතුර

”උතුම් මවුබිම දගෙස්තානේ

කඳුකරේ වැසියෙක්මි මේ මම

කවුද දන්නේ මතු දිනෙක මා

තාරකාවක් ලෙසින් බිහිවෙද?

”ගුවන් ගැබ සිට ඒ දිනේ් මා

එබී බලමින ඔබේ කවිවල

මගේ යුගයේ සොහොයුරන්නේ

හදේ යුක්තිය ඇද්ද විමසමි”

සැබැවින්ම ජීවිතයේ සෞන්දර්යය කියන, සෝවියට් වැසියාගේ හදවතේ යුක්තිය හෙවත් හෘදයසාක්ෂිය මුළු මහත් ලොවටම පවසන, ජීවිතයේ පරමාර්ථයන් උසස් තැනකට මෙහෙයවා ලන, ජීවිතයත් ජීවත්වීමත් පූර්ණත්වයට පත් කෙරෙන, අර්ථවත් වූද අතිශයින් සුන්දර වූද සාහිත්‍යයක් ඉකුත් කාලය තුළ සෝවියට් දේශයේ බිහිව ඇත්තේ ය. එකී සාහිත්‍යය තුළින් උදාර චරිත ශක්තිය ඇති නව මිනිසෙක් ද බිහිව ඇත්තේය.

ඒ නව මිනිසා බිහිකිරීමට හේතු භූතවුණු උතුම් මානුෂ බලවේගය “උණුහිම” නමැති ජනප්‍රිය නවකතාව ලියූ යූරී බන්දාරෝව් විසින් හඳුන්වා දෙන්නේ මෙසේ ය.

”සෝවියට් සාහිත්‍යයේ කිසිම තැනක සර්වව්‍යාපී අශුභවාදයක් නැත. බලාපොරොත්තු සුන්වීමක් හෝ කෲර හිනාවක් හෝ නැත. මන්ද යත්, අපේ කලාවේ වීරයා ක්‍රියා කරන්නේ මා උදෙසා නොව, මිනිහා මිනිහාට මිත්‍රයකු, සගයකු හා සහෝදරයකු විය යුතුය යන බලාපොරොත්තුවේ පිහිටා වන නිසා ය.”

නොසන්සිඳෙන ජීවයෙන් හා අපමණ බලාපොරොත්තුවෙන් යුතු, අනන්ත සහෘදතාවයෙන් බර වූ ළයෙකින් හෙබි, මේ ශ්‍රේෂ්ඨ සෝවියට් පුරුෂයාගේ හද ගැස්ම සිය ජනතාවටත් අවශේෂ ලෝකයටත් ඇසෙන්නට සැලැස්වීම සෝවියට් ලේඛකයාගේ මෙහෙවර බවට පත්ව ඇත්තේ ය.

http://www.silumina.lk/punkalasa/20090920/_art.asp?fn=ar09092010